හිතා ගන්න බැරි මුදල් ප්‍රමාණයක් බිම දමා පෑගූ දානපතියාට ලැබුණු නොසිතූ දඬුවම

සල්ලි.. අද වෙනකොට මේ අපේ රටේ මිනිස්සු ගොඩක් දුක්විඳින්නේ ඔවුන් පීඩාවට පත්වෙලා ඉන්න මූල්‍ය ගැටලු නිසාමයි..
කොහොම වුණත්, මේ කියන්න යන්නේ ආවේගශිලි පුද්ගලයෙක් මුදල්වලට ප්‍රසිද්ධියේ කරලා තිබුන දෙයක් ගැනයි..
රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු තොගයක් බිම දමා පාගමින් සිටි යාපනයේ පුණ්‍ය ආයතනයක ප්‍රධානියා යාපනය මහේස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂ දෙක බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත ඊයේ (10) නිදහස් කර තිබෙනවා...
යාපනය නගරයේ බැංකුවක් අසලදී රුපියල් හැට පන්දහසක මුදලක් එම පුණ්‍ය ආයතන ප්‍රධානියා විසින් බිම දමා සපත්තුවලින් පාගමින් සිටියදී පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ..
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ ඔහු මුදල් නෝට්ටු පාගා දැමුවේ මුදල් නෝටුවලට අගෞරව කිරීමට නොව ඔහුට නෝර්වේ සිට ලැබුණු විශාල මුදලක් අහිමි වී යාම නිසා උපන් වේදනාව තුනී කර ගන්නට බවයි..
එම අවස්ථාවේදී ඔහු ඉතා ආවේගශිලි වූ බවත් ඔහු මුලු උතුරු පළාතේම වැසියන්ට විවිධ අවශ්‍යතා මත ආධාර කරන පුද්ගලයෙකු බවත් සිදු වූ වරදට ඔහු අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා..
ඒ අනුව ඔහුට තරයේ අවවාද කර පුද්ගලයින් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහුව නිදහස් කිරීමටයි මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇත්තේ..
248 Views
Comments