ආදරණීය බිරිඳ වෙනුවෙන්... - සකර්බර්ග් බිරිඳ වෙනුවෙන් ඉදිකල ප්‍රතිමාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

ආදරණීය බිරිඳ වෙනුවෙන්... - සකර්බර්ග් බිරිඳ වෙනුවෙන් ඉදිකල ප්‍රතිමාව (PHOTOS)

ආදරණීය බිරිඳ වෙනුවෙන්... - සකර්බර්ග් බිරිඳ වෙනුවෙන් ඉදිකල ප්‍රතිමාව  (PHOTOS)

ෆේස්බුක් නිර්මාතෘ, මෙටා ආයතන ප්‍රධානී මාර්ක් සකර්බර්ග් සිය ආදරණීය බිරිඳ 'ප්‍රසිලා චෑන්' වෙනුවෙන් පිළිමයක් ඉදිකර තිබෙනවා.

 

එම පිළිමය නිර්මාණය කර ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක් චිත්‍ර ශිල්පියෙකු වන ඩැනියෙල් අර්ශාම් විසින්.

 

'රෝම සම්ප්‍රදාය නැවතත් - බිරිඳ වෙනුවෙන් මූර්තියක්' යන ශීර්ෂ පාඨය යටතේ ඔහු මේ බව සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධියට පත්කර තිබුණේ පසුගිය 13 වැනිදායි.

 

මාර්ක් සකර්බර්ගේ බිරිඳ වන 'ප්‍රසිලා චෑන්' වෙනුවෙන් ඉදිකර ඇති එය රෝම ආභාෂය මූලික කරගනිමින් නිර්මාණය කළ ප්‍රතිමාවක් වන බව ද සඳහන්.

 

එම ප්‍රතිමාව අසළ 'ප්‍රසිලා චෑන්' කෝප්පයක් අතැතිව යමක් තොල ගාන අයුරු දැක්වෙන සේයාරුවක් ද සකර්බර්ග් විසින් ඉන්ස්ට්‍රාගෑම් මාධ්‍යයේ පළකර තිබුණා.

 

 

'ප්‍රසිලා චෑන්'ගේ රූපය එලෙසම ප්‍රතිමාවට නඟා ඇති අයුරු එහිදී දක්නට ලැබෙන අතර එය හරිත වර්ණයෙන් යුක්තයි.

 

එම හරිත රූපය වටා ගලා යන ලෝහමය මතුපිටක් ද ඇති අතර සකර්බර්ග් සිය බිරිඳට ගෞරවයක් වශයෙන් මෙය නිර්මාණය කරන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

views

1573 Views

Comments

arrow-up