සිනමාවටම උපන් ලාංකීය සිනමාවේ පුරෝගාමී නිළිය රුක්මණී දේවියගේ 101 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් කරන්න යන වැඩේ මෙන්න

සිංහල සිනමාවේ පුරෝගාමී නිළිය ලෙසත් අද්විතීය ගායිකාවක ලෙසත් බුහුමන් ලබන රුක්මණී දේවියගේ 101 වන ජන්ම දිනය නිමිත්තෙන් ගී මියැසියක් පැවැත්වීමට රුක්මණී දේවි අනුස්මරණ සංගමය කටයුතු සංවිධානය කර තිබෙනවා.
ඒ, ටවර් හෝල් රඟහල පදනම අනුග්‍රහයෙන් සහ රුක්මණී දේවී අනුස්මරණ සංගමයේ නිර්මාතෘ හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්ගේ උපදේශකත්වයෙන්.
අගෝස්තු 18 වනදා පෙ.ව 09.30ට කොළඹ විජේරාම මාවතේ පිහිටි සව්සිරිපායේ දී මෙම සුවිශේෂී කටයුත්ත පැවැත්වීමට නියමිත අතර ඊ.ජී.ඒ චිත්‍රාකාන්ති සහ අනුරාජ අතපත්තු විසින් මෙහි සංවිධාන කටයුතු සිදුකරනු ලබයි.
එහිදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් අනුශාසනාවක් ද සිදුකරන අතර ගී මියැසිය සංගීතවත් කරනුයේ එම්. ජී නිහාල් සිසිරසේන ප්‍රමුඛ වාදන මඩුල්ල විසිනි.
425 Views
Comments