“විවාහ සේවා සහ කළමනාකරණය” - මෙන්න කරනවනම් උපාධි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

“විවාහ සේවා සහ කළමනාකරණය” - මෙන්න කරනවනම් උපාධි

“විවාහ සේවා සහ කළමනාකරණය” - මෙන්න කරනවනම් උපාධි

චීනයේ බීජිං පදනම් කරගත් සිවිල් කටයුතු විශ්වවිද්‍යාලයකින් පවුල් උපදේශනය, විවාහ සැලසුම් සහ විවාහය සඳහා උත්තේජයනය සපයන නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම ඇතුළත් කර උපාධියක් හඳුන්වා දී තිබෙනවා.

 

එයාකාර උපාධියක් හඳුන්වා දීමට හේතුව චීනයේ විවාහ අනුපාතය සහ උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහළ බැසීම බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

 

ඒ අනුව මෙවැන්නක් හඳුන්වා දීමේ අරමුණ වී ඇත්තේ 'විවාහයන් ප්‍රවර්ධනය කිරීම'යි.

 

විදෙස් වාර්තාවන්ට අනුව මේ වසරේ සැප්තැම්බරයේදී උපාධි පාඨමාලාව ඇරඹීමට නියමිතය.

 

උපාධිය සඳහා සෑම වසරකම පළාත් 12ක සිසු සිසුවියන් 70ක් උපාධි අපේක්ෂකයින් ලෙස බඳවා ගැනෙන බව සඳහන්.

 

චීනය 2023 වසරේ දී සිය ජනගහනය අඛණ්ඩව දෙවන වසරටත් පහත වැටීමෙන් පසු, විවාහ අනුපාතවලට සමීපව සම්බන්ධ වන 'නව උපත්වල අඩුවීම ආපසු හැරවීමට' අරගල කරමින් සිටියි.

 

දරුවන් ලියාපදිංචි කිරීමට සහ ප්‍රතිලාභ ලබා ගැනීමට දෙමාපියන් විසින් විවාහ සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුළු පුළුල්ව පැතිරුණු ප්‍රතිපත්ති හේතුවෙන් 'විවාහය දරුවන් ලැබීම සඳහා පූර්ව අවශ්‍යතාවයක්' ලෙස සැලකේ.

 

නමුදු තනිකඩ කාන්තාවන් සහ LGBTQ යුවළ සඳහා එකම අයිතිවාසිකම් හිමි නොවේ.

 

ඒ අනුව ''විවාහ සේවා සහ කළමනාකරණය'' ලෙස හැඳින්වෙන මෙම නව උපාධි වැඩසටහන විවාහය ආශ්‍රිත සේවාවන්හි දියුණුව කෙරෙහි ද අවධානය යොමු කරනු ඇති.

 

එමෙන්ම චීනයේ ධනාත්මක විවාහ - පවුල් සංස්කෘතිය සිසුන්ට සහ මහජනතාවට ඉස්මතු කිරීමත් චීනයේ විවාහ චාරිත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමත් මෙහි අරමුණක් වන බව සඳහන්.

views

191 Views

Comments

arrow-up