“ආලියා මට වඩා අවුරුදු 11 ක් බාලයි, මට එයාව මුණගැහුණෙ, අවුරුදු 9 දී” - රන්බීර් තම ආදර කතාව ගැන මෙතෙක් නොකී කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

“ආලියා මට වඩා අවුරුදු 11 ක් බාලයි, මට එයාව මුණගැහුණෙ, අවුරුදු 9 දී” - රන්බීර් තම ආදර කතාව ගැන මෙතෙක් නොකී කතාව

“ආලියා මට වඩා අවුරුදු 11 ක් බාලයි, මට එයාව මුණගැහුණෙ, අවුරුදු 9 දී” - රන්බීර් තම ආදර කතාව ගැන මෙතෙක් නොකී කතාව

බොලිවුඩයේ වඩාත්ම කතාබහට ලක්වෙන ආදර කතාවක් තමයි, රන්බීර් - ආලියා ආදර කතාව.

 

මේ වෙද්දි ඔවුන් පුංචි දියණියකගෙ දෙමාපියන්. මෑතකාලීන සංවාදයක් අතරතුර රන්බීර් ඔවුන්ගේ ආදර කතාව ගැන මෙතෙක් නොකී කතා කිහිපයක් ම හැමෝමත් එක්ක බෙදාගෙන තිබුණා. ඔහු කියන්නෙ ආලියා තමන්ට වඩා අවුරුදු 11කින් බාල වුණත්, ඇය පවුල් ජීවිතය 'සුමටව' ඉස්සරහට අරන් යන්න නිතර කටයුතු කරන බව.

 

“මම හරිම වාසනාවන්තයි. මම විවාහ වුණ කෙනා එක්ක මට ගොඩක් සමීප යාළුවෙක් විදිහට කතා කරන්න, හිනා වෙන්න පුළුවන්. ඇය මගේ හොඳම මිතුරිය වගේ. ඒක නිසා මම ඇත්තටම වාසනාවන්තයි...." රන්බීර් - ආලියා ආදර කතාව පටන් ගන්නෙ මීට වසර කිහිපයකට ඉහතදී වුණාට මොකද, මේ දෙන්නා මුලින්ම මුණගැහිලා තියෙන්නෙ ආලියාට වයස අවුරුදු 9දී. “ආලියා හරිම අපූරු කෙනෙක්. ඇය හරිම වර්ණවත්. ඇය මට වඩා අවුරුදු 11 ක් බාලයි. මට ආලියාව මුලින්ම මුණගැසුණේ ඇයට වයස අවුරුදු 9 දී සහ මට වයස අවුරුදු 20 දී. අපි එකට ඡායාරූප රූගත කිරීමක් කළේ සංජේ ලීලා බන්සාලිට 'ළමා විවාහ' ගැන චිත්‍රපටයක් කිරීමට අවශ්‍ය වූ නිසා. ඒ මට ඇයව මුණගැසුණු පළමු අවස්ථාව. දැන් ඒක කියද්දි ටිකක් අමුතුයි වගේ....”

 

ඒත් එක්කම ආලියා ගැන තමන්ට ඇති අවංක හැඟීම ගැනත් රන්බීර් විවෘතව කතා කරලා තිබුණා.

 

“ආලියාව ඊට පස්සෙ මට වසර ගණනාවක් තිස්සේ හමු වෙනවා. මම එයා විශේෂයි කියලා හිතපු කෙනෙක්. රංගන ශිල්පිනියක්, කලාකාරිනියක්, සාමාන්‍ය පුද්ගලයෙක්, දියණියක් සහ සහෝදරියක් ලෙස ඇය කෙරෙහි මා තුළ ඇත්තේ අසීමිත ගෞරවයක්. ඒ වගේම රැකියාවට ඇය අතිශයින් ලැදියි. ඈ අති දක්ෂයෙක්..''

 

 

views

9632 Views

Comments

arrow-up