ෂාරුක්ගේ වටිනාකම කියන්න තවත් උදාහරණ මොකටද? - තමන්ගේ නමින් ග්‍රේවින් කෞතුකාගාරයේ රන් කාසි‍යක් ඇති එකම බොලිවුඩ් නළුවා
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

ෂාරුක්ගේ වටිනාකම කියන්න තවත් උදාහරණ මොකටද? - තමන්ගේ නමින් ග්‍රේවින් කෞතුකාගාරයේ රන් කාසි‍යක් ඇති එකම බොලිවුඩ් නළුවා

ෂාරුක්ගේ වටිනාකම කියන්න තවත් උදාහරණ මොකටද? - තමන්ගේ නමින් ග්‍රේවින් කෞතුකාගාරයේ රන් කාසි‍යක් ඇති එකම බොලිවුඩ් නළුවා

'ෂාරුක් ඛාන්' කියන්නෙ ඉන්දියාවට විතරක් සීමා වුණු තරුවක් නෙවෙයි.

 

ඔහු 'ගෝලීය සළකුණක්'. එහෙමත් නැත්නම් 'ගෝලීය තරුවක්'

 

ඒ නිසාම අපි දකිනවා ලෝකයේ බොහෝ රටවල් ඔහුට ගෞරවය දක්වනු පිණිස විවිධ වූ කටයුතු සිදුකරන අන්දම. ගෞරව සම්මාන ඉන් විශේෂයි.

 

මේ කියන්න යන්නෙත් එහෙම වැඩක් ගැන කතාවක්.

 

ප්‍රංශ කෞතුකාගාරයක් වන Grevin කෞතුකාගාරය ෂාරුක්ගේ නමට ගරු කිරීමක් හැටියට රන් කාසියක් නිකුත් කරලා.

 

 

වාර්තා වන හැටියට මේ විදියට තමන්ගේ නමින් එම කෞතුකාගාරයේ රන් කාසියක් ඇති එකම බොලිවුඩ් නළුවා වෙන්නෙ කින්ග් ඛාන්.

 

ඔහු නිරායාසයෙන්ම වෙනත් ඕනෑම නළුවෙකුට ළඟා කර ගැනීමට අපහසු සන්ධිස්ථාන රැසක් පසුකර අවසන්.

 

ඔහු ලබන අසීමිත රසික ආදරය ම ඊට කදිම නිදසුනක්.

 

වාර්තා වන හැටියට Grevin කෞතුකාගාරය මේ රන් කාසිය නිකුත් කරන්නේ 2018 වසරේ. මෑතකදී ෂාරුක්ගේ රසික පිටුවකින් මේ කතාව යළි ආවර්ජනය කරලා තිබුණා.

 

 

2008 වසරේදී මෙම කෞතුකාගාරයේ ඇති SRKගේ ඉටි ප්‍රතිමාවත් මෙයාකාරයෙන් වඩාත් කතාබහට ලක්වුණා ඔබට මතක ඇති.

 

එයාකාරයෙන් ඔහුගේ ඉටි ප්‍රතිමා 14ක් දැනට ලෝකයේ විවිධ රටවල නිර්මාණය කර ඇති බවයි කියවෙන්නෙ.

 

views

282 Views

Comments

arrow-up