“ආදරණීය ස්වාමිපුරුෂයා, මම මෙයින් අපගේ දික්කසාදය ප්‍රකාශ කරමි” - ඩුබායි පාලකයාගේ දියණිය සිය සැමියාව දික්කසාද කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

“ආදරණීය ස්වාමිපුරුෂයා, මම මෙයින් අපගේ දික්කසාදය ප්‍රකාශ කරමි” - ඩුබායි පාලකයාගේ දියණිය සිය සැමියාව දික්කසාද කරයි

“ආදරණීය ස්වාමිපුරුෂයා, මම මෙයින් අපගේ දික්කසාදය ප්‍රකාශ කරමි” - ඩුබායි පාලකයාගේ දියණිය සිය සැමියාව දික්කසාද කරයි

ඩුබායි පාලකයාගේ දියණිය වන ෂෙයිකා මහරා බින්ට් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් (Sheikha Mahara Bint Mohammed Bin Rashid Al Maktoum) කුමරිය, සැමියා වන ෂෙයික් මානා බින් මොහොමඩ් බින් රෂීඩ් බින් මානා අල් මක්ටූම්ගෙන් (Sheikh Mana bin Mohammed bin Rashid bin Mana Al Maktoum) දික්කසාද වන බව ප්‍රකාශ කර තිබෙනවා.

 

ඒ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා 'ප්‍රසිද්ධ සටහනක්' තබමින්.

 

"මම මෙයින් අපගේ දික්කසාදය ප්‍රකාශ කරමි.." මැයෙනුයි ඈ සිය තීරණය පිළිබඳව සඳහන් කර තිබුණේ.

 

කොහොම නමුත් මේ පිළිබඳව ඩුබායි කුමරියගේ සැමියා හෝ පියා ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකර ඇති බව සඳහන්.

 

 

''ආදරණීය ස්වාමිපුරුෂයා,

මම මෙයින් අපගේ දික්කසාදය ප්‍රකාශ කරමි.

මම ඔබව දික්කසාද කරමි, මම ඔබව දික්කසාද කරමි, මම ඔබව දික්කසාද කරමි.

ඔබේ හිටපු බිරිඳ...''

 

ඒ ෂෙයිකා තබන ලද සටහනයි.

 

ඊට අනුව ඇය දික්කසාදය නිවේදනය කරමින් ත්‍රිත්ව තලාක් (triple talaq) ලෙස හඳුන්වන ඉස්ලාමීය පිළිවෙත භාවිතා කර ඇති බව දක්නට ලැබේ.

 

බොහෝ රටවල මෙම ක්‍රියාව තහනම් කර ඇති නමුත් සාමාන්‍යයෙන් ස්වාමිපුරුෂයන්ට "මම ඔබව දික්කසාද කරමි" යනුවෙන් තුන් වරක් පවසමින් තම භාර්යාවන් ඉක්මනින් දික්කසාද කිරීමට ඉඩ සලසයි.

 

ෂෙයිකා මහරා සිය සැමියාගේ පිංතූර පවා ඇයගේ ගිණුමෙන් මකා දමා ඇති බවකි දක්නට ලැබෙන්නේ. එමෙන්ම ඔවුනොවුන් එකිනෙකාව සමාජ මාධ්‍ය තුළ Follow කිරීමෙන් පවා වැළකී ඇති බව සඳහන්.

 

විශේෂම කාරණාව නම් මෙම දික්කසාදය පිළිබඳව වාර්තා වන්නේ, ඔවුන්ගේ පළමු දරුවා පිළිගෙන මාස දෙකකට පසුව වීමයි.

 

 

මෙම යුවළ විවාහ වූයේ 2023 වසරේ අප්‍රේල් මාසයේදී අති උත්කර්ෂවත් මංගල උත්සවයකිනි.

 

කොහොම නමුත් මෙම දික්කසාද පුවත පිළිබඳව ඇතැමෙකුගේ මතය, ෂෙයිකා මහරාගේ ගිණුම හැක් කිරීමට ලක්ව ඇති බවකි. මන්ද අදාළ පුවත පිළිබඳව වෙනයම් නිල නිවේදනයක් නැති නිසාවෙනි.

 

views

330 Views

Comments

arrow-up