මොහොතකින් ඔහුගේ කැදැල්ලේ සතුට නැතිවී ගිහින් - ප්‍රකට ක්‍රීඩා විස්තර විචාරකයෙකුගේ පවුල ගැන ඇසෙන ඛේදනීය පුවත

ඔවුන් එකම නිවසක කාලය ගත කළේ ගොඩක් සතුටෙන්.. ඒත් එක් ක්ෂ්ණයකින් ඒ හැම දෙයක්ම මේ වෙනකොට වෙනස් වෙලා..
ජෝන් හන්ට්, ඔහු ලෝකයේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වෙන්නේ ක්‍රීඩා විස්තර ප්‍රචාරකයෙක් ලෙසයි.. එංගලන්තයේ උතුරු ලන්ඩනයේදී ජීවත් වූ ඔහුගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබුණා..
මෙය දුන්නක් භාවිත කරමින් සිදුකළ ඝාතනයක් වන අතර, ඒ සම්බන්ධයෙන් කයිල් ක්ලිෆර්ඩ් නම් සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
හර්ට්ෆොඩ්ෂයර් හි පිහිටි ඔවුන්ගේ නිවසේදී මෙම තිදෙනාට ප්‍රහාරය එල්ලකර තිබුණ අතර කැරොල් හන්ට් සහ ඇගේ දියණියන් වන හැනා සහ ලුයිස් මෙම ප්‍රහාරයෙන් මියගොස් තිබෙනවා..
310 Views
Comments