පණ පිටන් කිසිදා දැකගත නොහැකි ලෝකයේ දුර්ලභතම තල්මසා මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

පණ පිටන් කිසිදා දැකගත නොහැකි ලෝකයේ දුර්ලභතම තල්මසා මෙන්න

පණ පිටන් කිසිදා දැකගත නොහැකි ලෝකයේ දුර්ලභතම තල්මසා මෙන්න

ලොව දුර්ලභම තල්මසුන් විශේෂයක් (spade-toothed whale) ලෙස සැලකෙන සත්වයෙකුගේ දේහයක් නවසීලන්ත වෙරළ තීරයකින් හමුව තිබෙනවා.

 

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව මේ පිළිබඳව අදහස් දක්වමින් විද්‍යාඥයන් සඳහන් කර ඇත්තේ මෙම තල්මසුන් විශේෂය 'පණ පිටින්' කිසිදු කලෙක දැක නැති තරමට දුර්ලභ වන බවයි.

 

මීටර් පහක් දිග සත්වයාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට වර්ණ රටා සහ හිස් කබල, හොට සහිත ඉදිරිපස කොටස සහ දත්වල හැඩය ඉවහල් වූ බව සඳහන්.

 

ඒ අනුව කෙරෙන ඉදිරි ඩීඑන්ඒ පරීක්‍ෂණ කටයුතු සඳහා දේහය ශීතාගාර තුළ තැන්පත් කර ඇති අතර අවසාන හඳුනා ගැනීමේ කටයුතු වෙනුවෙන් තවත් සති කිහිපයක් ගතවිය හැකි බවයි වාර්තා වන්නේ.

 

සත්වයා පිළිබඳ සජීවී නිදර්ශක නොමැති නිසාවෙන් මෙලෙස පරීක්‍ෂණ කටයුතුවලට කාලයක් ගතවන බව සඳහන්.

 

කෙසේ නමුත් පර්යේෂකයන් පවසන්නේ මෙම මළකුණ සොයාගැනීම විශේෂය පිළිබඳ තීරණාත්මක නව තොරතුරු ලබා ගැනීමට ඔවුන්ට උපකාර වියහැකි බවයි.

 

සාගර-ක්ෂීරපායී විශේෂඥයින්ට අනුව ස්පේඩ්-ටූත් තල්මසුන් 1800 ගණන්වල සිට මෙතෙක් ලේඛනගත කර ඇත්තේ සාම්පල හයක් පමණි.

 

ඒ අනුව මොවුන් “නූතන යුගයේ වඩාත්ම දුර්ලභ විශාල ක්ෂීරපායී විශේෂය” බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

 

views

6940 Views

Comments

arrow-up