“තව කෙනෙකුගේ දුකක් සමහර මිනිස්සුන්ට විහිළුවක් බවට පත්වෙලා”‍ - ගයාත්‍රි මුහුණු පොතේ තැබූ සංවේදී සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

“තව කෙනෙකුගේ දුකක් සමහර මිනිස්සුන්ට විහිළුවක් බවට පත්වෙලා”‍ - ගයාත්‍රි මුහුණු පොතේ තැබූ සංවේදී සටහන

“තව කෙනෙකුගේ දුකක් සමහර මිනිස්සුන්ට විහිළුවක් බවට පත්වෙලා”‍ - ගයාත්‍රි මුහුණු පොතේ තැබූ සංවේදී සටහන

ගයාත්‍රි ඩයස් ලංකාවේ දක්ෂතම කළා තරු අතර තවමත් වැජඹෙන කෙනෙක්.

 

ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළද ජනප්‍රිය චරිතයක්.මේ ඇය තබා තිබුණ ෆේස්බුක් සටහනක්.

 

"මේ සමාජය කවදා තමන්ට කිසිම අයිතිවාසිකමක් නැති මිනිසුන්ගේ ජීවිතවලට එබී බලන එක නවත්තයිද ?

ඕපාදූපවලට සම්බන්ධ නොවී ඔබේ ජීවිතය ඕපාදූපවලින් නිදහස් කරගන්න. යමෙකු ගැන ඕපාදූප පැවසීමට
ඔබට උදව් කරන ඕනෑම කෙනෙකුට ඔබ ගැන ඕපාදූප පැවසීමට යමෙකුට උදව් කළ හැකිය.

ඊර්ෂ්‍යාව නිසා ඔබට යමක් ඉගෙන ගත හැකි පුද්ගලයෙකුට පවා කට කථා හදයි.

එම පුද්ගලයා ගැන ඕපාදූප කියයි.

තව කෙනෙකුගේ දුකක් අභාවයක් මේ සියලු දේ සමහර මිනිස්සුන්ට විහිළුවක් බවට පත්වෙලා.

එයින් ඔවුන් වෙනස් නොවූ සතුටක් ලබන තත්ත්වයකට පත්වෙලා. ඒවා විවේචනයට ලක් කරන්න පත්වෙලා.

ඒ වගේම තමන්ට මේ දේවල් වුණොත් තව කෙනෙක් මේ වගේ දේවල් කිව්වොත් තමන්ටවන දුක මොන වගේද
කියල හිතෙන්නේ නැති තරමටම ඔවුන් හරිම අමානුෂික වෙලා.

සිහිනයකින් වත් වැරදි නොකරන මිනිසුන් වගේ කතා කරන්න මේ හුඟ දෙනෙකුට පුළුවන් වුණේ කොහොමද
කියලවත් හිතාගන්න බැරි තරමටම ඔවුන් සිල්වත් වෙලා.

මං හිතන විදිහට මේ ලෝකේ කිසිම කෙනෙක් ඉතාමත් හොඳ වෙන්නෙත් නැහැ.

ඉතාමත් නරක වෙන්නෙත් නෑ.

මේ හැම දෙයක්ම සමබරයි.

එහෙම තියෙද්දි තව කෙනෙකුගේ දෙයක් විවේචනය කරන්න කලින් තමන් ඒ දේවල් කවදාවත්ම කරේ නැද්ද
ඔබට කවදාවත්ම මේ දේවල් සිදුවෙලා නැද්ද ඔබේ අතින් කිසිම දෙයක් සිදුවෙලා නැද්ද කියලවත් අඩුම
තරමේ හිතන්නවත් තමන්ට පුළුවන් වෙන්න ඕනේ. 

එහෙම වුණොත් පුළුවන් වේවි තව කෙනෙකුගේ ජීවිතේ තියෙන වේදනාව වගේ දේවල් විහිළුවකට ලක් නොකර
ඉන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න තමන්ටත් මේ දේවල් සිදුවිය හැකියි කියලා.

එහෙම හිතන් නැතුව කතා කරන එක අපි පුළුවන් තරම් අවම කරගන්න පුළුවන් වෙන්න ඕනේ.

ප්‍රසිද්ධ හා ජනප්‍රිය පුද්ගලයන් පිළිබඳව තමන් දන්නා වූ බොහෝ දේ සියල්ලම සත්‍ය නොවන බවත් ඔබ
දන්නෙත් තවත් කෙනෙකු විසින් ඔබට පවසන දෙයක් පමණක්ම බවත් යම් තැනක තව කෙනෙකු ඔවුන් පිළිබඳව
සිතා ලියන යමක් දැක ඇති දෙයකින් ඔබ දැනගත් දෙයක් බවත් ඔබ දැනගත යුතුයි.

එයින් ප්‍රකාශ වෙන්නේ ඔබ ඔවුන් පිළිබඳව සියල්ල දන්නා බව නොවේ. ඔවුන්ගේ මුල මැද අග කියන මේ
සියල්ලම ඔබ දන්නා බව නොවේ. ඔබ සමහර විට මේ වර්තමානය දැක්කා වුවත් ඔවුන්ගේ අතීතය පිළිබඳව
ඔබ නොදනී.

එම නිසා ඔබ දන්නා පමණින් ඔවුන්ට චරිත සහතික දීම නැවැත්විය යුතුයි.

එහෙම නොකළොත් අපි අපේ විසින්ම පිළිකුලට ලක්වෙනවාමයි.

තමන්ගේ හෘද සාක්ෂිය ඇතුලේ පිළිකුල් භාවයට පත්වෙනවාමයි.

ඉතින් ඒ නිසා අපි දැනගත යුතු වන්නේ අපිට තියෙන කාලය අපි වෙනුවෙන් අපේ දියුණුව වෙනුවෙන් අපේ
දුවා දරුවන් වෙනුවෙන් අපේ දෙමව්පියන් වෙනුවෙන් ඒවා වැය කිරීමටයි.

අනුන්ගේ ජීවිතවල දේවල් සොයන්න යන්න සහ ඔවුන්ගේ තරාතිරම ඔවුන්ගේ ඇති හැකිකම සොයා බලන්න නොවේ.

ඒ නිසා තමන්ගේ කාලය තමන් වෙනුවෙන් වැය කරන්න එයයි අපිට වටිනාකමක් ලබා දෙන්නේ."
ගයාත්‍රී ඩයස්…

views

957 Views

Comments

arrow-up