හැලයා - සීදේවීට ඇත්තටම රඟපාන්න ඉන්නෙ කවුද? - වීඩියෝව හැඩකළ හැටි ගැන කියන ඔෂාන් යාපා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

හැලයා - සීදේවීට ඇත්තටම රඟපාන්න ඉන්නෙ කවුද? - වීඩියෝව හැඩකළ හැටි ගැන කියන ඔෂාන් යාපා (PHOTOS)

හැලයා - සීදේවීට ඇත්තටම රඟපාන්න ඉන්නෙ කවුද? - වීඩියෝව හැඩකළ හැටි ගැන කියන ඔෂාන් යාපා (PHOTOS)

පියත් රාජපක්ෂ කියන්නෙ තමන් කරන නිර්මාණය තුළින් රසිකයින් හට 'උපරිම රසවින්ඳනයක්' ලබාදෙන කලාකරුවෙක්.

 

ඔහුගේ සෑම නිර්මාණයක්ම පාහේ 'වෙනසක් එක්ක' ප්‍රේක්ෂකයින් අතරට ගියා කිව්වොත් හරි.

 

ඒ වගේම ප්‍රතිචාර රැසක් එක්ක අතිසාර්ථක වුණු නිර්මාණ බවට පත්වුණා.

 

ඊට දිය හැකි ආසන්නතම උදාහරණය තමයි පියත්ගේ ''සීදේවී''

 

 

හැලයා - සීදේවී කියන්නෙ අපේ හිත ඈත අතීතයට අරන් යන චරිත දෙකක්නෙ. පියත්ගේ අළුත් නිර්මාණය ගෙතෙන්නෙ මේ චරිත දෙක වටා.

 

ගීතය එළියට ඇවිත් මේ වෙද්දිත් තවම දවස් 5ක් වගේ. නමුත් ඊට මිලියන දෙක ඉක්මවූ නැරඹුම් වාර හිමියි.

 

ගීතය එහෙම ජනප්‍රිය වෙන්න හඬ, පද, සංගීතය වගේම ඊට නොදෙවෙනි කාර්‍යභාරයක් 'රූප රචනය' තුළ ගැබ්වෙලා තිබුණා.

 

හැලයා - සීදේවී හැටියට පියත් - සඳනි චරිත නිරූපණය කරන අපූරුව තමයි කාගෙත් සිත්ගත් කාරණාව වෙලා තිබුණේ.

 

එතනත් විශේෂත්වය දෙන්නගෙ 'වෙස් මාරුව'

 

හැබැයි එහෙම 'වෙස් මාරු' කරගෙන තිබුණෙ හුදෙක් අපි දකින 'වෙස් මුහුණකින්' නම් නෙවෙයි.

 

මේ 'Prosthetic Makeup' එකක්.

 

මේ වෙනකොට ලංකාව ඇතුළෙ 'Prosthetics කලාව' කියූ සැනින් මතකයට නැඟෙන ඔෂාන් යාපා අමරසේකර තමයි මේ අපූරු වැඩෙත් හැඩකරලා තිබුණෙ.

 

 

ඒක හිතන තරම් ලේසි පහසු වැඩක් නම් නෙවෙයි. සෑහෙන කාලයක් වගේම වෙහෙසක් ඇතිව කරන 'කලාත්මක වැඩක්'

 

ඒ ගැන ඔහු සිය සමාජ මාධ්‍ය තුළ මෙවන් සටහනක් තබා තිබුණා.

 

''සීදේවී Prosthetic Makeup

ඔබ දකින වීඩියෝව මිනිත්තු 03 තත්පර 31

චරිත 02 සහ ප්‍රොස්තටික් නිර්මාණය කරන්නට ගත වූ කාලය දවස් 9ක්

ප්‍රොස්තටික් එක දැමීමට ගත වූ කාලය

හැලයා - පැය 5

ප්‍රොස්තටික් සමඟ රූගත කල කාලය පැය 10

සීදේවී - පැය 3

ප්‍රොස්තටික් සමඟ රූගත කල කාලය පැය 05

බොහෝ දෙනෙක් සිතන්නේ මෙය වෙස් මුහුණක් දමා ඇති බවයි,

නමුත් Prosthetic Mask සහ වෙස් මුහුණු අතර ලොකු වෙනසක් පවති.

මෙහි නිර්මාණ ක්‍රියාවලිය සහ තාක්ෂණය ඊට සම්පුර්ණයෙන් වෙනස් එකක්.

මෙය වෙස් මුහුණකට සමාන කිරීම කිසිසේත්ම සාධාරණ වෙන්නෙ නෑ.

මෙය සමට බද්ධ කල (අලවන ලද) සිලිකන් ලෙයර් එකක්.

වෙස් මුහුණක් දැමීමට විශේෂ ප්‍රයෝග අංග රචනා ශිල්පීන් අවශ්‍ය නැත. ප්‍රොස්තටික් මේකප් තාක්ෂණය හාත්පසින්ම වෙනස් ක්‍රියාවලියක්.''

 

 

 

 

 

views

355 Views

Comments

arrow-up