කප් එක ගහපු සතුට ආදරණීයයන් එක්ක සැමරූ කොල්ලො සෙට් එක (PHOTOS)

LPL තරගාවලිය නිමා වුණත් එහි උණුසුම තවමත් මැකී ගිහින් නෑ.
ගෝල් මාවල්ස් පරාජය කරලා මෙවර LPL ශූරතාව දිනාගන්න සමත්කම් දැක්වූවේ චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම.
ඒ LPL තරග ඉතිහාසයේ වාර්තාගත සිව්වන වරට.
ජැෆ්නා කිංග්ස් එලෙස පිටියේ දස්කම් දක්වන අන්දම දැකබලා ගන්නත්, ලද ජයග්‍රහණයේ ආඩම්බරකාර සතුට සමරන්නත් විශේෂ පිරිසක් එදා (21) කොළඹ ආර්. ප්‍රේමදාස පිටිය වෙත ඇවිත් තිබුණා.
ඒ වෙන කවුරුත් නෙවෙයි, ඔවුන්ගේ ආදරණීය පවුලේ උදවිය.
එහෙනම් බලමුද, කිරුළ දිනූ සතුට සැමරුවේ කොහොමද කියලා...
497 Views
Comments