සුරූපී බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා දරුණු අනතුරක - ඡායාරූප පෙළ සමාජ ජාලා කළඹයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

සුරූපී බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා දරුණු අනතුරක - ඡායාරූප පෙළ සමාජ ජාලා කළඹයි (PHOTOS)

සුරූපී බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා දරුණු අනතුරක - ඡායාරූප පෙළ සමාජ ජාලා කළඹයි (PHOTOS)

බොලිවුඩයේ පමණක් නොව හොලිවුඩයේද තමන්ටම කියා ස්ථානයක් වෙන්කර ගැනීමට සමත්කම් දැක්වූ සුපිරි නිළි ප්‍රියංකා චොප්රාගේ ඡායාරූප කිහිපයක් ම අන්තර්ජාලයේ හුවමාරු වෙන්න පටන් අරන්.

 

ඒවා නිකන් ම නිකන් ඡායාරූප නෙවෙයි, මුහුණේ 'ලේ තැවරුණු ඡායාරූප !'

 

නමුත් හොඳින් නිරීක්ෂණය කළොත් පැහැදිලියි, මේ නිර්මාණ කටයුත්තක් උදෙසා කළ වේෂ නිරූපණයක් විත්තිය.

 

ඡායාරූප එකතුව සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණේත් ප්‍රියංකා විසින්මයි.

 

 

තම පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය පිළිබඳ රසිකයන්ව කුතුහලයෙන් තබා ගැනීමට වග බලා ගන්නා බැවින් ප්‍රියංකාගේ සමාජ මාධ්‍ය සෙල්ලම් ද වැඩි අවදානයක් දිනාගන්නවා.

 

එයාකාරයෙන් තමයි මේ ඡායාරූප එකතුවටත් කාගෙත් වැඩි අවදානයක් ලැබී තිබුණෙ.

 

ඡායාරූප එකතුව, ප්‍රියංකාගේ ඉදිරි චිත්‍රපටය වන 'The Bluff' හි රූගත කිරීම් අතරතුර ගත් එකතුවක්.

 

 

'The Bluff', අමෙරිකානු නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය Frank E. Flowersගේ අධ්‍යක්ෂණයක් වනවා. චිත්‍රපට නිෂ්පාදනය Russo Brothers's AGBO Studios සහ Amazon MGM Studios විසින්.

 

එහි ප්‍රියංකා චොප්රා නිරූපණය කරනු ලබන්නේ 19 වැනි සියවසේ කැරිබියානු මුහුදු කොල්ලකරුවන්ගේ හිටපු කාන්තා චරිතයක් බව සඳහන්.

 

views

270 Views

Comments

arrow-up