පාසලේ හිරිහැර දරාගන්න බැරි තැන සිසුවා ගත් තීරණය - අසල්වැසි රටෙන් ඇහෙන අනුවේදනීය කතාව මෙන්න

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කල්‍යාන් ප්‍රදේශ් හි ප්‍රසිද්ධ පාසලක 8 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු සිය නිවසේදීම සියදිවි හානිකරගෙන ඇති බවට පුවතක් NDTV ප්‍රමුඛ ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සිද්ධිය වන විට ඔහුගේ පවුලේ සාමාජිකයන් නිවසේ සිට නැති බව සඳහන්.
සියදිවි හානිකරගැනීම සම්බන්ධයෙන් බලධාරීන් ප්‍රකාශ කරන්නේ, පාසලේදී හිරිහැරයට ලක්වීම හේතුවෙන් අදාළ සිසුවා එවන් තීරණයක් ගෙන ඇති බවයි.
13 හැවිරිදි එම සිසුවා සියදිවි නසාගැනීමේ සටහනක් ද තබා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
එම සටහනේ දැක්වෙන ආකාරයට සිසුවා විසින් ගුරුවරයෙකුට සහ ඔහුගේ පන්තියේ මිතුරන් කිහිපදෙනෙකුට ම දොස් පවරා ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.
240 Views
Comments