දිවි සිනමාවෙන් බැස ගිය ජ්‍යෙෂ්ඨ සිනමා අධ්‍යක්ෂ ඇලරික් ලයනල් ප්‍රනාන්දු කලාකරුවානණ්ගේ අවසන් කටයුතු හෙට(14)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

දිවි සිනමාවෙන් බැස ගිය ජ්‍යෙෂ්ඨ සිනමා අධ්‍යක්ෂ ඇලරික් ලයනල් ප්‍රනාන්දු කලාකරුවානණ්ගේ අවසන් කටයුතු හෙට(14)

දිවි සිනමාවෙන් බැස ගිය ජ්‍යෙෂ්ඨ සිනමා අධ්‍යක්ෂ ඇලරික් ලයනල් ප්‍රනාන්දු කලාකරුවානණ්ගේ අවසන් කටයුතු හෙට(14)

ලාංකීය සිනමාව පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ සිනමා අධ්‍යක්ෂවරයෙකු හා නිෂ්පාදකවරයෙකු වූ ඇලරික් ලයනල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වූවා.

 

අභාවප්‍රාප්ත වන විට ඔහු 82 වියේ පසුවුණා.

 

ඔහු විසින් නිෂ්පාදනය කරන ලද නිර්මාණ අතරට අනුපමා, හොඳම නළුවා, කිරි සුවඳ, ක්‍රිස්තු චරිතය යනාදිය ඇතුළත් වන අතර රන් දම් වැල්, මැවිලා පෙනේවි රූපේ, දළුලන ගිනි ඔහුගේ අධ්‍යක්ෂණයන් වනවා.

 

සඳ තාරකා ඔහුගේ නවතම චිත්‍රපට නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය ලෙස තිරගත වීමට නියමිතය.

 

ඇලරික් ප්‍රනාන්දු මහතාගේ දේහය අංක 07. මොරාවත්ත පාර,නාගොඩ කඳාන යන ලිපිනයේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 14 වැනි බදාදා සවස නාගොඩ කඳාන රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

views

267 Views

Comments

arrow-up