මාස හතරේ සිඟිත්තාගේ ගෙලට පිහියක් තබා ගෙයක් මංකොල්ල කෑ නරුමයෝ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
31

මාස හතරේ සිඟිත්තාගේ ගෙලට පිහියක් තබා ගෙයක් මංකොල්ල කෑ නරුමයෝ

මාස හතරේ සිඟිත්තාගේ ගෙලට පිහියක් තබා ගෙයක් මංකොල්ල කෑ නරුමයෝ

යාපනයේ මනිපායී ප්‍රදේශයේ නිවසකට වෙස්වලාගෙන ඇතුළු වූ හොරුන් පිරිසක් මාස හතරක ළදරුවකුගේ ගෙළට පිහියක් තබා නිවැසියන් බිය වද්දා රුපියල් ලක්ෂ දෙකක මුදලක්, රන් පවුම් 11 ක් හා ජංගම දුරකථන 3ක් ඇතුළු බඩුබාහිරාදිය රැසක් කොල්ල කා පලා ගොස් තිබේ.

 

එම හොර කණ්ඩායම පලා යන අවස්ථාවේදී නිවස ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා මෝටර් රථයක් ද රැගෙන ගොස් තිබේ.

 

එම නිවසේ මාස හතරක ළදරුවා සමග තරුණ යුවළක් පදිංචි වී සිටි අතර නිවස කොල්ල කෑමට පැමිණි හොර කණ්ඩායම නිවෙස් හිමියාගේ මිතුරකුගේ නම කියා නිවසේ දොර විවෘත කරවා ගෙන ඇත.

 

මනිපායී පොලිසිය එම නිවස කිසිවකුටත් ඇතුළුවීමට තහනම් ප්‍රදේශයක් බවට පත් කොට ඊට ආරක්ෂාව ද යොදා තිබේ.

 

මාස හතරක ළදරුවකු ප්‍රාණ ඇපකරුවකු ලෙස තබා ගෙන මුදල් හා දේපළ කොල්ල කෑම පිළිබඳව යාපනයේ ජනතාව ඔවුන්ගේ අප්‍රසාදය පළකොට ඇති අතර රාත්‍රී කාලයට ප්‍රමාණවත් ලෙස පොලිස් ජංගම සේවාවන් ක්‍රියාත්මක නොවීම නිසා රාත්‍රී කාලයට යාපනයේ සිදුවන අපරාධ සංඛ්‍යාව මෑත කාලයේදී වැඩි වී ඇති බව ද කියති.

views

323 Views

Comments

arrow-up