ලංකාවේ ජනතාව ලයිට් බිල්, වතුර බිල් ගෙවූ හැටි ගැන එළියට ආ අලුත්ම කතාව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

ලංකාවේ ජනතාව ලයිට් බිල්, වතුර බිල් ගෙවූ හැටි ගැන එළියට ආ අලුත්ම කතාව මෙන්න

ලංකාවේ ජනතාව ලයිට් බිල්, වතුර බිල් ගෙවූ හැටි ගැන එළියට ආ අලුත්ම කතාව මෙන්න

විදුලි බිල්, ජල බිල් ගෙවීම වැනි අවශ්‍යතා සපුරා ගැනීමට ක්‍රමයක් නොමැතිව රටේ ජනතාව රුපියල් කෝටි 19,000ක් පමණ වටිනා කණකර බඩු උකස් තබා ඇති බවත්, විදුලි බලය නිෂ්පාදනය කිරීම සඳහා ගල් අඟුරු ගෙන්වන්නේ ඩොලර් 160 ට මෙට්‍රික්ටොන් එකක් ගැනීමට හැකිව තිබිය දී ඩොලර් 240 ගණනේ බවත්, මෙලෙස ඩොලර් 240 ගණනේ මෙට්‍රික්ටොන් හත් ලක්ෂ හතලිස් දාහක් ගල් අඟුරු ගෙන්වන බවත් ආචාර්ය, නීතිඥ අසේල කලුගම්පිටිය මහතා පෙන්වා දෙයි.



රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ රටේ දූෂණ වංචා වැඩි වී ඇති ආකාරය හෙළිවන හොඳම උදාහරණයක් වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ වන විට අතුරුදන්ව  ඇති වාහන පිළිබඳ සැලකීමේ දී බවයි. 

 

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 51 කට වෙච්චි දෙයක් නැති බවත්, තවත් 53ක් මේ වන විට ජනාධිපති කාර්යාලයේ නොමැති බවත් ඒ මහතා කරුණු සඳහන් කරයි.

views

287 Views

Comments

arrow-up