“මරණය කියන්නේ මහා අමුතු, නිතර අහන්න අකමැති වචනයක්” - මෝස්තර ශිල්පියා ලියුම් 13ක් ලියා අභිරහස් ලෙස මියයයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

“මරණය කියන්නේ මහා අමුතු, නිතර අහන්න අකමැති වචනයක්” - මෝස්තර ශිල්පියා ලියුම් 13ක් ලියා අභිරහස් ලෙස මියයයි

“මරණය කියන්නේ මහා අමුතු, නිතර අහන්න අකමැති වචනයක්” - මෝස්තර ශිල්පියා ලියුම් 13ක් ලියා අභිරහස් ලෙස මියයයි

මෝස්තර ශිල්පියකුගේ මළ සිරුර සැකකටයුතු ලෙස නිවසේ උඩු මහලේ නාන කාමරය ඉදිරිපිට එල්ලෙමින් තිබිය දී හමුවූ බව කැස්බෑව පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ කැස්බෑව මාකන්දන විජිතපුර පළමු වැනි පටුමග පදිංචිව සිටි වෙන්නප්පුලි ආරච්චිගේ ඉසුරු නෙරන්ජන 30 හැවිරිදි තරුණයෙකි.



මව්පියන් සමඟ කතාබස් කරමින් සිට ඇති ඔහුට රාත්‍රී ආහාර ගැනීමට මව තරුණයාගේ කාමරය අසලට ගිය අවස්ථාවේ දී කාමරයේ දොර වසා තිබූ බැවින් මද වේලාවක් කතා කර ඔහුට නින්ද ගොස් ඇතැයි සිතා මව ආපසු පැමිණ තිබූ බව පොලිසිය කියයි.

 

අනතුරුව ඊයේ (16) උදෑසන තේ රැගෙන කාමරය අසලට ගොස් පුතුට කතා කිරීමේ දී කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින් සැමියාට ඒ බව සැලකිරීමෙන් අනතුරුව ඔහු පැමිණ තරුණයා රැඳී සිටින කාමරය ඉදිරිපිට බංකුවක් තබා දොරේ කවුළු අතරින් බැලීමේ දී ඔහු ඇඳ මත දකින්නට ලැබී නැතැයි පොලීසිය සඳහන් කරයි.

 

අනතුරුව අසල්වාසීන්ට ඒ සම්බන්ධයෙන් පවසා ඔවුන් පැමිණ කාමරයේ දොර කඩා බැලීමේ දී ඔහුගේ සිරුර තිබෙණු දැක පොලිසියට දැනුම් දී ඇත.

 

පොලිස් නිලධාරීන් තවදුරටත් පරික්ෂා කිරීමේ දී ඔහුගේ කාර්යාලය තුළ “ අත් නොහැර අත්හැර බලා සිටිමි” මිය ගිය තරුණයා විසින් ලියන ලද පිටු 21කින් සමන්විත කුඩා පොතෙහි පළමු වැනි පිටුවේ 'මරණය කියන්නේ මහා අමුතු වචනයක්, නිතර අහන්න අකැමැති වචනයක්, නිතර දකින්න වෙන, ඒත් අපි දකින්න අකමැති සිදුවීමක්, නිතර කියන්න වෙන ඒත් කියන්න අකමැති  වචනයක් කිව්වොත් මම වැරදි නෑ කියලා හිතනවා, යනුවෙන් ආරම්භ කර තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

සමීප ඥාතීන්ට ලියන ලද ලිපි 13 ක් කවරවල බහා අවසන් කැමැති පත්‍රය මෙයයි! මගේ මරණයත් සමග එක් එක් කවර නම් සඳහන් අය වෙත බාර දෙන්න. යනුවෙන් ලියා තිබූ බව පොලිසිය සඳහන් කරයි.



තම පුතු දෙදෙනකුගෙන් රුපියල් ලක්ෂ 10 සහ 3 බැගින් ලබාගෙන දීම ආපසු දීමට අතපසු වූ හෙයින් තම පුතු රිමාන්ඩ් භාරයට පවා පත් වූ බවත් මව පොලිසිය හමුවේ ප්‍රකාශ ලබාදී තිබිණි.

views

484 Views

Comments

arrow-up