“2012 බේරුණ උඹට මෙහෙම වෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ” - ගුවන් අනතුරින් අවසන් ගමන් ගිය සගයා ගැන තැබූ කඳුළු සටහන

පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් අනතුරට ලක්වීම පිළිබඳ පුවත අප කාගේත් හදවත්වලට එක් කළේ දැඩි වේදනාවක්.
ත්‍රිකුණාමල චීන වරාය ගුවන් හමුදා කඳවුරු ප්‍රදේශයේ දී සිදු වූ මේ අනතුරින් වටිනා ජීවිත දෙකක් දැයට අහිමි වුණා. H.M.T.K හේරත් සහ K.M.P.M. වර්ණසූරිය යන නිලධාරීන් දෙපළ.
ගුවන් යානය අනතුරට ලක්වන අවස්ථාවේ දී එහි ගුවන් නියමුවා හැටියට කටයුතු කර තිබුණේ වින්ග් කමාන්ඩර් තරිඳු හේරත්.
2006 වසරේදී ගුවන් හමුදාවට එක්වූ ඔහු කුරුණෑගල මලියදේව මහා විද්‍යාලයේ ආදි සිසුවෙක්.
මෙලෙස වෙන්ව ගිය තම සගයා ගැන තබන ලද මේ සංවේදී වචන පෙළ අපේ ඇස ගැටුණේ ෆෙස්බුක් සටහනක් ඇසුරෙන්.
”මචන්
අද අන්තිම පාරට අපි උඹව බලන්න ආවා. ඒත් උඹ සීල් වෙච්චි පෙට්ටියක ගෙදර ඇවිත්.
එකයි wreckage එකෙයි Video දැක්කම අනතුරේ තරම තේරුණත් අන්තිමට මූණ හරි බලන්න පුලුවන් වෙයි කියල අපි හිතුවා.
උඹේ අම්මත් අඬ අඬා කිව්වෙ ඒ ටිකමයි.
අද හවස උඹ හැමෝගෙම කරපිටින් බොරැල්ල කනත්තෙ මිහිදන් වෙයි.
යුද්දෙ කාලෙ උඹ කරපු දේවල් පදක්කම් දිහා බැලුවහම ඕන කෙනෙකුට තේරෙනවා. 2012 එකෙන් බේරුණු උඹට මෙහෙම වෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ.
තව ටික දවසකින් ලංකාවේ මිනිස්සුන්ට, මීඩියාවලට උඹව අමතක වෙයි.
ඒත් උඹ හැමදාම අපේ හදවතේ ඉන්නවා. සිදුවුණු සිදුවීම ගැන හොයලා බලලා ඒ වගේ දෙයක් ආයෙ නොවෙන්න කටයුතු කරන එක බලධාරීන්ගෙ වගකීමක්.
අන්තිමට උඹ දාපු FB Post එකෙන්ම මේ කතාව මං අවසන් කරන්නම්.
Wing Commander තරිඳු කනිෂ්ක (TK) නුඹට සුභ ගමන්
˜ Heve a Safe Flight To The Heaven˜
අරවින්ද මුණසිංහ
2023/08/09
361 Views
Comments