හෝටලයක ලිෆ්ට් එක එකපාර කඩා වැටිලා - අවසානයේ වූ දේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

හෝටලයක ලිෆ්ට් එක එකපාර කඩා වැටිලා - අවසානයේ වූ දේ මෙන්න

හෝටලයක ලිෆ්ට් එක එකපාර කඩා වැටිලා - අවසානයේ වූ දේ මෙන්න

තලවතුගොඩ සුපිරි හෝටලයක විදුලි සෝපානය හදිසියේ අක්‍රීය වීම නිසා එහි ගමන් කළ පුද්ගලයෝ දහ දෙනෙක් පමණ හිරවී මහත් ජීවිත අවදානමකට පත්වූහ. ඊයේ මෙම සිද්ධිය වී ඇත.


හිරවුණු පිරිස විනාඩි දහයක් එහි සිරවී ගත කළ අතර ඔවුන් තමන්ගේ ජීවිත බේරාදෙන ලෙස විලාප දී ඇත. 


මෙම තත්ත්වය අනුව එම හෝටලයේ කාර්ය මණ්ඩලය එම පිරිසගේ දිවි බේරා ගැනීම සඳහා ක්‍රියාශීලී වී ඇත. 


අවසානයේදී එම උත්සාහය මැද්දේ විදුලි සෝපානය බිමට කඩා වැටී ඇතත් වාසනාවකට මෙන් සෝපනයේ සිටි අය කම්පිතව සිටියද තුවාල නොලබා බේරී ඇත. 


සෝපානයේ සිටි අය පවසන්නේ එම සෝපනයේ නඩත්තුවක් නොමැති කමින් මෙම තත්ත්වය පැන නැඟු‍ණු බවට සිතන බවය. එහෙත් හෝටලයේ කළමනාකාරීත්වය පවසන්නේ ප්‍රමාණයට වඩා පිරිසක් එහි ගමන් කිරීම නිසා මෙවැන්නක් වූ බවයි. 


එහි විදුලි සීනුව නාදවී ඇති බව ඔවුන් පැවසුවත් සෝපනයේ ගමන් ගත් අය පවසන්නේ එවැනි විදුලි සීනුවක් නාද වුණේ නැති බවය. මෙවැනි අනතුරුදායක තත්ත්වයන් ඇති නොවීමට එම හෝටලයේ පාලනාධිකාරිය මින් ඉදිරියට වගබලා ගත යුතු යැයි ඔවුහු කියා සිටිති. 


මෙම හෝටලයේ විවාහ මංගල උත්සව දෙකක් ඊයේ සිදුවී ඇත. එම උත්සවවලට සහභාගි වූ පිරිස මෙසේ විදුලි සෝපානයට ගොස් ඇති බව කියති.


මෙම විදුලි සෝපානය අක්‍රීය වූයේ කාර්මික දෝෂයකින් බවද එය පහතට කඩා නොවැටුණු බවද හෝටලයේ පාලනාධිකාරිය කියයි.


මෙම සිද්ධිය හටගත් මොහොතේම එය අලු‍ත්වැඩියා කළ බවද එම පාලනාධිකාරිය කියයි.

views

348 Views

Comments

arrow-up