අනගරුගුම් පාන්න ගිය රාළහාමිලා දෙදෙනෙකුට වූ හදිය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

අනගරුගුම් පාන්න ගිය රාළහාමිලා දෙදෙනෙකුට වූ හදිය

අනගරුගුම් පාන්න ගිය රාළහාමිලා දෙදෙනෙකුට වූ හදිය

නුවරඑළියේ දිඹුලපතන පොලිසියේ කොස්තාපල්වරයකු හැටන් ප්‍රදේශයේ පිහිටි නිවසකට ගොස් තමා රහස් පොලිසියෙන් බව පවසා 12 හැවිරිදි දැරියකගෙන් කටඋත්තර ගැනීමට යද්දී එම පවුලේ උදවිය සිද්ධිය හැටන් පොලිසියට දැනුම් දීමෙන් පසු කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.

 

හැටන් පොලිසිය මෙම කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ දැරියට ආදරය කිරීමේ අදහසින් මෙසේ එම නිවසට පැමිණි බවය.

 

රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීමට තරම් මෙම නිවැසියන්ට චෝදනාවක් නැති බව දැනගෙන මෙම කොස්තාපල්වරයා දැරිය කතාවට සම්බන්ධකර ගෙන ඇය රැගෙන යෑමට සැලසුමක් තිබූ බවට හැටන් පොලිසිය සැකකරයි.

 

මේ අතර අඟුණකොලපැලස්ස පොලිස් වසමේ පැවැති සංගීත සංදර්ශනයකදී ආරක්‍ෂාව සඳහා යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු 58 හැවිරිදි කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

 

එම සංදර්ශනය නරඹා ආපසු නිවසට යමින් සිටි මෙම කාන්තාව තම යතුරුපැදියෙන් නිවසට ඇරලවන බව පවසා කොස්තාපල්වරයා ඇය යතුරුපැදියේ නංවාගෙන ගොස් මාර්ගයේ අයිනේ නතර කර කැලෑවට රැගෙන ගොස් ඇයට අතවර කර ඇති බව පොලිසිය කියයි.

 

මෙම කොස්තාපල්වරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකු මෙම සංගීත සංදර්ශනයේ ආරක්‍ෂාවට යොදවා ඇත්තේ කටුවන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසිනි.

 

සැකකාර කොස්තාපල්වරයා කටුවන පොලිසියේ සේවය කරයි.

views

244 Views

Comments

arrow-up