තවත් තරුණ මවක් හා අවුරුදු එකහමාරේ දියණියක් දින 6ක සිට අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

තවත් තරුණ මවක් හා අවුරුදු එකහමාරේ දියණියක් දින 6ක සිට අතුරුදන්

තවත් තරුණ මවක් හා අවුරුදු එකහමාරේ දියණියක් දින 6ක සිට අතුරුදන්

දින 6 ක සිට අතුරුදන් වී සිටින 21 හැවිරිදි තරුණ මවක සහ අවුරුදු එකහමාරක් වයසැති බිලිඳු දියණියක සොයා හඟුරන්කෙත පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

 

ඔවුන්ගේ අතුරුදන් වීමට අදාළව මේ වනවිට ලංගම බස් රථ රියැදුරකු, කොන්දොස්තරවරයකු, ඇගේ සැමියා ඇතුළු 5 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

 

මෙලෙස අතුරුදන්වී ඇත්තේ හඟුරන්කෙත, රහතුන්ගොඩ, හෝප් වතුයායේ පදිංචිව සිටි සුරේන්ද රානි නමැති මව සහ තරුෂිකා ආබි නමැති කුඩා සිඟිත්තයකි.

 

සිය දියණිය පසුගිය 17 වැනිදා ඇගේ කුඩා දියණිය සමග රිකිල්ලගස්කඩ රෝහලෙන් බෙහෙත් ගැනීමට යන බව පවසා නිවසින් පිටව ගිය බවට අතුරුදන්ව සිටින කාන්තාවගේ මව විසින් කරන ලද පැමිණිල්ලකින් පසු විමර්ශන අරඹා තිබේ.

 

මේ සම්බන්ධයෙන් අවට පිහිටි සීසීටීවී කැමරාවල දර්ශනද පරීක්‍ෂාවට ලක්කෙරෙන බව පොලිසිය කියයි.

 

අතුරුදන් වී සිටින කාන්තාව ඇතුළු පවුල දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත්වන පවුලක් බවද ඇගේ සැමයා නිතරම බීමතින් නිවසට පැමිණ මෙම කාන්තාවට කරදර කරන නිසා එය ඉවසාගත නොහැකිව ඇය මෙලෙසින් නිවසින් පිටව ගියාද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.

 

මෙම මව හා දියණිය කිසියම් නිවසක සඟවාගෙන සිටින්නේ නම් ඒ පිළිබඳව හඟුරන්කෙත පොලිසියේ 0718-591055 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

views

431 Views

Comments

arrow-up