රිටි පැනීමේ ජාතික ශූරිය සචිනි පවුලේ ආර්ථික දුෂ්කරතා නිසා මැද පෙරදිග ගෘහ සේවයට ගිහින්

රිටි පැනීමේ කාන්තා ශ්‍රි ලංකා වාර්තාවට හිමිකම් කියන සචිනි කෞෂල්‍යයා පෙරේරා නමැති සිය දියණිය ආර්ථික අපහසුතාවයන් නිසාවෙන් ක්‍රීඩාවට සමු දී මැද පෙරදිග ගෘහ සේවයට ගිය බව පාදුක්ක වටරැක යොවුන්ගම පදිංචි ඇයගේ පියා ඇන්ටන් ධර්මසිරි මහතා පවසයි.
කාන්තා රිටි පැනීමේ ශ්‍රි ලංකා වාර්තාව අඛණ්ඩව නව වරක් අලුත් කල තම දියණිය වර්ෂ 2018 - 2022 අතර අඛණ්ඩව රිටි පැනීමේ ශූරතාවය දිනා ගැනීමටද සමත් වූ බවත් ශ්‍රි ලංකා යුධ හමුදා කාන්තා රිටි පැනීමේ වාර්තාව සහ ආරක්ෂක සේවා කාන්තා රිටි පැනීමේ වාර්තාවන්ටද හිමිකම් කියනු ලබන්නේ තම දියණිය බවද ඒ මහතා පවසයි.
දරැවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාල දියණිය වන සචිනි කෞෂල්‍යයා පෙරේරා ක්‍රීඩාවෙන් දැක් වූ දස්කම් නිසාවෙන් පසුව ශ්‍රි ලංකා යුධ හමුදාවට බැදී යුධ හමුදාව නියෝජනය කරමින් සිටි බවත් ඇයගේ මව අංශබාග රෝගයෙන් පීඩා විදීම නිසාවෙන් නිවසේ පැවැති ආර්ථික අපහසුතා සහ නිසි සහයෝගයක් නොලැබීම මත ක්‍රීඩා කේෂ්ත්‍රය පිළිබදව ඇති වූ දැඩි කළකිරීම නිසාවෙන් මෙලෙස ඇය රට හැරදා ගොස් මැද පෙරදිග ගෘහ සේවයේ යෙදෙන බවද ධර්සිරි මහතා පැවසූවේ දැඩි කලකිරීමෙනි.
278 Views
Comments