නරුමයෙකුගේ පාපතර වැඩක් නිසා දිවි තොරවූ වාසනා තම සිගිත්තියත් තුරුළු කරගෙනම අවසන් ගමන් ගිය හැටි

සිය බිරිඳගේ සහ සිඟිති දියණියගේ මුද්‍රා තබන ලද දෙන අසල සිට වාවනු බැරි සොවින් හඬන තිමිර නිරාෂාන්ගේ වැලපුම අහල පහල කිසිවකුට දරාගත නොහැකි විය.
කෙසෙල්හේනාව හන්දියෙන් හැරී අඟුරුවාතොට දෙසට සැතපුම් දෙකක් පමණ ගොස් එතැනින් හැරී මද දුරක් ගිය තැන වාසනාගේ නිවස හමුවන්නේය.
අප නිවසට යන විටත් රටක් නුහුලන මේ අපරාධය කණ වැකුණු ජනතාව නිවසට පැමිණෙමින් සිටියේය. මුද්‍රා තබන ලද දේහ දකිනවුන්ගේ වම් අත වම් කම්මුලට යන්නේිඅනේ අපොයි මෙහෙමත් අපරාධයක් කියමිනි.
අඟුරුවාතොට ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ 24 හැවිරිදි වාසනා කුමාරි සහ එකොලොස් වියැති ටෂ්මි ඩිලන්යා බිළිඳියගේ මෘත දේහ (22) සෙනසුරාද පස්වරුවේ කෙසෙල්හේනාව ඌරුතුඩාව ප්‍රදේශයේ පිහිටි ඔවුන් පදිංචිව සිටි නිවස වෙත රැගෙන ආවේය.
ඝාතනයට ලක්වූ මවගේ සහ බිළදියගේ මෘත දේහයන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ 22 දිනයේදී හොරණ දිස්ත්‍රික් රෝහලේ දී අධිකරණ විශේෂඥ වෛද්‍ය ප්‍රනීත සෙනෙවිරත්න විස්ිනි සිදු කෙරුණු අතර ඉන්පසුව ඔවුන් දෙදෙනාගේම මෘත දේහ ඥාතීන් වෙත භාරදුනි.
අනේ වාසනා…. අනේ මගේ සුදු මැණික… මං දැන් ඔය දෙන්නා නැතිව
කා එක්ක ද උපන් දිනේ සමරන්නේ…
බිරිඳ සහ දියණියගේ වියෝවෙන් දුක වාවාගනු බැරි තිමිරගේ විලාපය…
එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් විවෘත තීන්දුවක් ලබාදෙමින් මළ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර තිබේ. ඒ අදාළ සිරුරු කොටස් සත්ත්ව සපාකෑම් හේතුවෙන් හානි සිදුව ඇති බව පවසමිනි.
එයට අමතරව අදාළ සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කඩිනමින් පවත්වා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට දැනුම් දුනි.
එදින පස්වරු 5ට පමණ දෙදෙනාගේම සිරුරු එකම පෙට්ටියක තැන්පත්කර නිවසට ගෙන එනු ලැබිණි. එම අවස්ථාවේ දී විදේශගතව සිට පැමිණි මියගිය අයගේ මව එස්. ප්‍රියංජනී තම දියණියට වූ ඛේදවාචකය වාවාගත නොහැකිව හඬා වැලපෙමින් සිහිසුන්ව ඇද වැටිණි.
වාසනා දූ කියන්නේ දාහකින් හොයාගන්න බැරි චරිතයක්.
එයා මට සැලකුවේ වැදූ අම්මාට වගෙයි. මහත්තයාට දරුවාට – පුදුමාකාර ආදරයක් තිබුණේ…
වාසනාගේ නැන්දම්මා හැඬූ කඳුළින් කියයි
අම්මා විදෙස් ගතව හිටියත් වාසනාට අම්මා වූයේ තම ස්වාමියාගේ මව් වන රුවිනි ප්‍රියන්ති මහත්මියයි. තම ලේලියගේ සහ මිණිබිරියගේ වියෝවෙන් ශෝක වන ඇය හැඬු කඳුළෙන් මෙසේ කීවාය.
‘වාසනා දූ කියන්නේ දාහකින් හොයාගන්න බැරි චරිතයක්. එයා මට සැලකුවේ වැදූ අම්මාට වගෙයි. මහත්තයාට දරුවාට පුදුමාකාර ආදරයක් තිබුණේ. එයා හරිම කාර්යශුරයි. ගෙදර වැඩපල ඉතාම පිළිවෙලට කරගෙන ඉන්නවා. මේ දරුවවා පහුගිය මාසේම කොළඹ රිජිවේ රෝහලේ තියාගෙන හිටියා. නිව්මෝනියාව හැදිලා. ඒකට දුන්න බෙහෙත් නිසා දරුවාගේ බෙල්ලේ බිබිලිත් තිබුණා. ඇහැක් වගේ බැලුව දරුවත් එක්කම අද එයා යන්න යනවා. අයියෝ පොලොව නුහුලන මේවගේ අපරාධ මගේ ඇහැට දකින්න තරම් මම පව්කාරියක් වුණානේ….
හොරණ අඟුරුවාතොට, ඌරුතුඩාවේ පදිංචි තිමිර නිරාෂාන් සහ ඔහුගේ බිරිය වූ වාසනා කුමාරිගේ විවාහයෙන් මෙලොව එළිය දුටු දියණියගේ පළමුවැනි උපන්දිනය යෙදී ඇත්තේ එළැඹෙන අගෝස්තු මාසයේය. තිමිර වාසනා දෙපළට වුවමනා වූයේ සිය කුළුදුල් දියණියගේ උපන් දිනය වෙනුවෙන් ජයටම සමරන්නටය. එහෙත් කිසිවෙකුත් නොසිතූ මොහොතක ඔවුන්ගේ කැදැල්ලට මාරයාගේ බැල්ම වැටුණේ සියලු පැතුම් බොල් සුළඟේ පා කර හරමින්ය.
තිමිර නිරාෂාන් සිය දරු පවුල නඩත්තු කළේ එදිනෙදා කුලී වැඩ සහ පින්තාරු කර්මාන්තයෙන්ය. දාඩිය මහන්සියෙන් උපයාගත් ධනයෙන් ඔහු තමන්ට කියා ගෙපැළක් අටවා ගත්තේය. තිමිරගේ ජීවිතයට වාසනාව කැන්දන් ආවේ වාසනා කුමාරිය. ඉංගිරියේ පදිංචිව සිටි ඈ ගැන හිතක් පහළ වූ තිමිර මීට වසර හතරකට ඉහතදී ඇය සමග අතිනත ගත්තාය. අලුත් යුවළගේ බලාපොරොත්තුව වූයේ ඉක්මනින්ම කිරි කැටියකුගේ මුහුණ දකින්නටය. නමුත් බලාපොරොත්තු බිඳවැටෙමින් ඔවුනගේ පළමු දරුවා ඉපදි මාස 04න් එම දරුවා අසනීප වී ඔවුන් හැරගියාය. තවත් කලක් ඇවෑමෙන් දෙවන දරුවා උපන්නේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීය.
අම්මාගේත් තාත්තාගේත් සුරතලිය වූ ඇය ටශ්මි දිලන්යා රන් කැටියක සේ පරිස්සම් කළාය. කොහොම නමුත් තවමත් විසිහතර හැවිරිදි වියෙහි පසුවූ වාසනා කුමාරි එක්දරු මවක වුවද හැඩකාර තරුණියක් වූවාය.
තිමිර ඉකුත් 18 වැනිදා ගෙදර ආවේ බිරිඳට සහ දියණියට යෝගට් දෙකක් ද රැගෙනය. එහෙත් වෙනදා මෙන් ගෙන ආ යෝගට් දෙන්නට දෙදෙනාම සිටියේ නැත. දියණිය කොහේදැයි අසන්නට බිරිඳ වාසනා සිටියේත් නැත. ඔවුන් ගැන විපරම් කරන්නට ඇයගේ දුරකතනයට ඇමතුම් ගත්තද එය අක්‍රිය වී තිබුණේය. ඔහු අසල්වාසීන්ගෙන් විමසුවත් කිසිම ආරංචියක් නොවීය. බිරියත් කුඩා දියණියත් සොයාගන්නට බැරි තැන ඔහු අඟුරුවාතොට පොලිසියට ගොස් තම බිරිඳ සහ දියණිය අතරුුදන් බවට පැමිණිල්ලක් කළේය.
තමුන්ට කවුරු හරි ගැන සැකයක් ඇද්දැයි පොලිසිය තිමිරගෙන් ප්‍රශ්න කළේය. තිමිර කීවේ මස්සිනා ගැන සැකයක් ඇති බවය. බිරිය හා දියණිය අතුරුදන් වූ 18 වැනිදා තිමිරට මස්සිනාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණේය. එය ද සැකයක් විය.
තිමිරගේ ප්‍රකාශයෙන් පසු වහාම ක්‍රියාත්මක වූ අඟුරුවාතොට පොලිසිය තිමිරලාගේ නිවසට ගියේ කිසියම් අපරාධයක හෝඩුවාවන් කිහිපයක්ම දැනගන්නට ලැබුණු නිසාය. පොලිසිය ඔවුන්ගේ නිවෙස පරීක්ෂා කළේය. මුළුතැන්ගෙයි තිබූ ශීතකරණයක දොරෙහි හා ඒ අසල බිම මැකී ගිය ලේ පැල්ලම් කිහිපයක් සොයාගන්නට පොලිසියට හැකිවුණේය.
වාසනාගේ සෙරෙප්පු දෙක ඔස්සේ ඉව ඇල්ලූ නිල සුනඛ බෘනෝ නතර වූයේ තිමිරගේ මස්සිනාට අයත් ත්‍රිරෝද රථය අසලය. එහෙත් මෙයින් නිශ්චිත අනාවරණයක් නොවූවත් මේ අනුව ප්‍රශ්න කිරීම් සඳහා අඟුරුවාතොට වරකාගොඩ ප්‍රදේශයේම පදිංචි තිමිර නිරාෂාන්ගේ මස්සිනා පොලිස් අත්අඩංගුවට ගත්තේ ප්‍රශ්න කරන්නටය. සැකයක් නොවූ තැන ඔහුව මුදා හැරියේය. එහෙත් පොලිසියේ විමර්ශන එතැනින් නොනැවතිණි.
දින කිහිපයක ඇවෑමෙන් පොලිසිය සොයාගත්තේ ඔවුන්ගේ නිසල සිරුරුය. බිරියගේ නිසල දේහය නිවෙසේ සිට මීටර හත්සීයක් පමණ දුරින් පිහිටි රත්මල්දෙනිය කැලයේ තිබුණේය. ඒ වන විටත් ඇගේ සිරුරේ තැන් කිහිපයක්ම කබරගොයින්ගේ ග්‍රහණයට ලක් වී තිබුණේය. ඇගේ දේහය හමුවූ තැන සිට මීටර විස්සක් පමණ දුරින් තිබී බිළිඳියගේ සිරුර ද පොලිසිය සොයාගත්තේය. ඒවන විටත් කබරගොයි සිරුරු දෙකටම හානි කර තිබුණේය.
දින තුනක් තිස්සේ අතුරුදන්ව තිබී සොයාගත් වාසනාගේත් ඇගේ කුඩා දියණියගේත් සිරුරු හොරණ දිස්ත්‍රික් රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය පණීත සෙනෙවිරත්න ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පැමිණ නිරීක්ෂණය කළහ. පානදුර කොට්ඨාස අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවන් කුමාර, උප පොලිස් පරීක්ෂක වීරසිංහ, පොලිස් සැරයන් තිලකරත්න හා කාන්තා පොලිස් කොස්තාපල් 6921 සරෝජනී යන නිලධාරීහු වැඩිදුර විමර්ශන කළහ.
තම බිරිඳගේ සහ සිඟිති දියණියගේ ඝාතන සම්බන්ධයෙන් තම මස්සිනා සැක බව ස්වාමිපුරුෂයා විසින් මීට පෙර පොලිසියට ප්‍රකාශ කර තිබුණි.
මළහිරු බැසයන හැන්දෑ යාමේ කෙසෙල්හේනාව පාඩගල පොදු සුසාන භුමියේදී සිය එකොලොස් මසැති සිඟිති දියණියව තුරුළු කරගත් වාසනා සදාකාලික නින්දකට වැටුණාය.
- දිවයින -
3074 Views
Comments