වැටලීමකට ගිහින් ඇල්ලූ මත්කුඩු ගෙදර අරන් ගිය පීසීට වැඩ වැරදුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
24

වැටලීමකට ගිහින් ඇල්ලූ මත්කුඩු ගෙදර අරන් ගිය පීසීට වැඩ වැරදුණු හැටි

වැටලීමකට ගිහින් ඇල්ලූ මත්කුඩු ගෙදර අරන් ගිය පීසීට වැඩ වැරදුණු හැටි

අඟුලාන පොලිසියේ නිලධාරීන් තිදෙනකු පසුගිය 21 වැනිදා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සොයාගත් කුඩු පාර්සයක් නීතිය ක්‍රියාත්මක නොකර මහරගම සිය නිවසේ තබාගෙන සිටි එම පොලිසියේම කොස්තාපල්වරයකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කුඩු පාර්සලය සමග පෙරේදා (22 ) අත්අඩංගුවට ගෙන ඇත.

 

සිද්ධිය සැකවින් මෙසේය.

 

අඟුලාන පොලිසියේ නිලධාරීන් තිදෙනකු 21 වැනිදා රාත්‍රි අඟුලාන පාලම අසල සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇත. එහිදී නිලධාරීන් දෙදෙනකු මෝටර් රථයක් තුළ ද එක් අයකු බිම ද සිට ඇත. එම අවස්ථාවේ පුද්ගලයෙකු සැකසහිත අයුරින් පාර්සලයක් රැගෙන එමින් සිටියදී බිම සිටි පොලිස් කොස්තාපල්වරයා ඔහු නතර කර පාර්සලය පරීක්‍ෂා කර ඇත.

 

එහිදී පාර්සලයේ ත්‍රිරෝද රථ රෝද දෙකක් සහ රෝද ගලවන උපකරණයක් තිබෙන බව පවසා කොස්තාපල්වරයා අතට පාර්සලය දී එය රැගෙන ආ පුද්ගලයා පළාගොස් ඇත. පොලිස් කොස්තාපල්වරයා පාර්සලය පරීක්‍ෂාකර රෝද දෙක සහ රෝද ගලවන උපකරණය මෝටර් රථයේ සිටි පොලිස් නිලධාරීන්ට පෙන්වා එහි දමාගෙන තිබේ.

 

පළාගිය සැකකරුට මත්කුඩු පාර්සලය ලබාදුන් ජාවාරම්කරුට තමා මුහුණ දුන් සිද්ධිය පවසා ඇතත් ඔහු එය පිළිනොගෙන පාර්සලය රැගෙන ගිය පුද්ගලයාට පහරදී ඇත. පහර කෑ පුද්ගලයා පසුව අඟුලාන පොලිසියට පැමිණ තමා දමා ගිය පාර්සලයේ තිබූ මත් කුඩු සම්බන්ධයෙන් ජාවාරම්කරුගෙන් පහරකෑමට ලක්වූ බවට පැමිණිලි කර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් වී ඇත.

 

ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතා මේ සිද්ධිය දැන ගැනීමෙන් පසු ඔහුගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශනය කර වැටලීමට ගිය කොස්තාපල්වරයා පදිංචි නිවසේ තිබී කුඩු පාර්සලය සොයාගෙන ඇත.

 

මත්කුඩු පැකට් 66 ක් තිබූ පාර්සලය තමා සමග රාජකාරි කළ නිලධාරීන් දෙදෙනාට නොදන්වා සැකකාර කොස්තාපල්වරයා සඟවා තබාගෙන ඇති බව මෙහිදී හෙළිවී තිබේ. 

views

400 Views

Comments

arrow-up