මාස හතරේ එන්නතෙන් පසු මිළින වූ පුංචි මල් කැකුළ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
17

මාස හතරේ එන්නතෙන් පසු මිළින වූ පුංචි මල් කැකුළ

මාස හතරේ එන්නතෙන් පසු මිළින වූ පුංචි මල් කැකුළ

එන්නතක් ලබාදීමෙන් පසු රෝගාතුර වූ බව කියන මාස හතරක් වයසැති දැරියක් පෙරේදා (16) මියගොස් ඇතැයි කුලියාපිටිය මූලස්ථාන පොලිසිය පවසයි.


මෙසේ මියගොස් ඇත්තේ කුලියාපිටිය පොලිස් වසමට අයත් ඉහළ ඉහල ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් ඒ එස් නිම්නාදි දිසානායක නමැති දැරියකි.


කටින් සෙම වැගිරීම හා හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් මෙම දැරිය කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


මෙම දැරියට පසුගිය 15 වන දින හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් මාස හතරෙන් ලබා දෙනු ලබන එන්නතක් ලබාදී ඇති අතර පසු දින මෙම අසනීප තත්ත්වය ඇති වූ බව දැරියගේ පියා පවසන්නේ යැයි පොලීසිය පවසයි.


මෙම දැරියගේ මරණය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

- ලංකාදීප

views

775 Views

Comments

arrow-up