සිය ලාබාල අනියම් පුරුෂයා නිවසේ රඳවාගත් මව ඔහු සමඟ විවාහ වන්නැයි දුවට බල කරලා - අවසානයේ දුව කලදේ මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

සිය ලාබාල අනියම් පුරුෂයා නිවසේ රඳවාගත් මව ඔහු සමඟ විවාහ වන්නැයි දුවට බල කරලා - අවසානයේ දුව කලදේ මෙන්න

සිය ලාබාල අනියම් පුරුෂයා නිවසේ රඳවාගත් මව ඔහු සමඟ විවාහ වන්නැයි දුවට බල කරලා - අවසානයේ දුව කලදේ මෙන්න

මදක් නගරයෙන් බැහැර ප්‍රදේශයක මවත් තම වැඩිමහල් දියණිය විවාහ කරදෙන බවට පොරොන්දුවී සිය නිවසේ රඳවාගත් අවුරුදු 26ක පමණ තරුණයෙකු තම අනියම් පුරුෂයා ලෙස තබා ගැනීම නිසා සිදු වූ අවුලක් විසඳා ගැනීමට පොලිසියේ පිහිට පැතීමට එම මවගේ තරුණ දියණියට සිදුවුණා.


අදාළ කාන්තාව වයස අවුරුදු 46ක පමණ පසු වන තැනැත්තියක්.


මැයට දූවරුන් දෙදෙනෙක් සිටිනවා. ඔවුන් වයස අවුරුදු 25 සහ 19 අතර පසු වෙනවා.


මෙම කාන්තාව තම දියණියක් විවාහ දෙන බවට පොරොන්දු වී නිවසේ ගොවිතැන් කටයුතුද කරවා ගනිමින් තරුණයෙකු නතර කර ගත්තා.


කාලය ගත වෙද්දී මොහු සමඟ අනියම් ඇසුරක් පවත්වන්නට ඇය පටන් ගත්තා.


මැයගේ සැමියා බොහෝ විට ගොවිපොළේ පැලේ කාලය ගත කළේ වන සතුන්ගෙන් වගාව රැක ගැනීමට වන අතර මෙම තරුණයා ඔහු සමඟද කිට්ටු ඇසුරක් පවත්වා ගත්තේ හේනේ පැලට කෑම, තේ ආදියද රැගෙන යමිනි.


තරුණයාව කාන්තාව එම කටයුතු සඳහාද පොළඹවා ගන්නට සමත් වූ අතර මොවුන්ගේ අනියම් ඇසුර දැනගත් දියණියන් දෙදෙනාගෙන් බාල දියණිය මීට මාස කීපයකට පෙර වෙනත් තරුණයෙක් සමඟ නිවසින් පැන ගියා.


දැනට නිවසේ ඉතිරිව සිටින තරුණියට අදාළ තරුණයා සමග එක්වන්නට මව බල කළා. එයට අකමැති වූ දියණිය බේරුමක් නැති නිසා පොලිසියට පැමිණිල්ලක් කළා.


මෙය දැනගත් මව පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට බල කළ අතර පසුව කෙසේ හෝ මෙම කාන්තාවත් ඇගේ සැමියාත් පොලිසියට කැඳවා විභාග කිරීමේදී සිද්ධිය මනාව තේරුම් ගත් කාන්තා හා ළමා කාර්යාංශය මවට තදින් අවවාද කරමින් වහාම අනියම් පුරුෂයා නිවසින් පිටත් කර හැරීමට නියම කෙරුණා.


මෙවැනි නොමනා ක්‍රියාවන් නිසා මිනිස් ඝාතන පවා සිදුවන බව පෙන්වා දෙමින් අම්මාවරුන්ට නින්දා නොකරන ලෙස අදාළ කාන්තාවට තදින් අවවාද කළ අතර වසර 08 ක් වැඩ කරමින් දියණිය විවාහ කර ගැනීමට බාලාපොරොත්තුවෙන් සිටි තරුණයාගේ බලාපොරොත්තු සුන්වී ගියේ තරුණ දියණිය මෙම විවාහයට අකමැති වූ නිසායි.

views

268 Views

Comments

arrow-up