බීමත් නොහික්මුණු රියැදුරා යතුරුපැදියක ගිය යුවළ බිලිගත් හැටි

තිස්ස කතරගම ප්‍රධාන මාර්ගයෙහි බීමත් රියැදුරෙකු විසින් අපරික්ෂාකාරීව ධාවනය කරන ලද වෑන් රථයක් යතුරු පැදියක ගැටීමෙන් තිස්සමහරාම ජල්පල්ලම 7 කණුව ප්‍රදේශයේ දී සිදුවූ මාරක රිය අනතුරින් යතුරුපැදිකරු ඔහුගේ බිරිඳ වූ තිස්සමහාරාම යඨාල ප්‍රාථමික විද්‍යාලයෙහි සේවය කරන ගුරුවරියක් එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහරාම ජුල්පල්ලම ප්‍රදේශයේ පදිංචි කේ. ජී. විමලාවති හෙවත් විමලාවති ගමගේ නමැති පනස් එක් හැවිරිදි ගුරුවරිය හා ඇයගේ ස්වාමිපුරුෂය වු කහව දඩල්ල හේවගේ ආනන්ද අමරනාත් නමැති හැට එක් හැවිරිදි අයෙකි.
මියගිය දෙදෙනා සමග යතුරුපැදියේ ගමන් කළ ඔවුන්ගේ දාහතර හැවිරිදි බාල පුත්‍රයා වූ ජයරු චමත්ක නමැති අය මෙම අනතුරින් බරපතළ තුවාල ලබා සිහිසුන්ව සිටියදී තිස්සමහාරාම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී ඔහුගේ තත්වය බරපතළ බැවින් මාතර මහා රෝහලට යවා ඇත. ඔහු තිස්සමහාරාම දෙබරවැව ජාතික පාසලේ ඉගෙනුම ලබන අයෙකි.
අනතුර සිදුකළ වෑන් රථයේ රියදුරු වූ කහවත්ත ෆෘට්සිටි පාර, හංදියෙහි මැහුම් ආයතන පාර පදිංචි රත්නායක මුදියන්සේලාගේ නුවන් රත්නායක යන අය තිස්සමහාරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු තිස්සමහාරාම අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ. එහිදී සිදුකරන ලද වෛද්‍ය පරීක්ෂණයේ දී එම රියදුරු අධික ලෙස මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වී ඇත.
198 Views
Comments