“ඕකි කලින් කැතයි, දැන් මොනාහරි බීලා සුදුවෙලා? එක්කෝ...” - පෘථිවියේ ලස්සනම කෙල්ලගේ අවලස්සන ඡායාරූපයේ කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

“ඕකි කලින් කැතයි, දැන් මොනාහරි බීලා සුදුවෙලා? එක්කෝ...” - පෘථිවියේ ලස්සනම කෙල්ලගේ අවලස්සන ඡායාරූපයේ කතාව

“ඕකි කලින් කැතයි, දැන් මොනාහරි බීලා සුදුවෙලා? එක්කෝ...” - පෘථිවියේ ලස්සනම කෙල්ලගේ අවලස්සන ඡායාරූපයේ කතාව

කෙල්ලො කොහොමත් කැමති නෑ, කවුරුත් උන්ට කැත යක්ෂණියක් කියලා කියනවට (ඔව් ඒක සාපේක්ෂ නමුත් බහුතරයක් කැමතියි සුරංඟනාවියෝ වෙන්න)


මේ ලෝක රහක් නැති එකියක් කියලා මූණටම අහගත්තට පස්සෙත්, ඒ මූණත්තහඩුව පාට කරගන්න උන් නොකරන අටමංගල්‍යයක් නෑ (අවසානය කොහොම වුණත් උන් ඒක නවත්තන්නෙත් නෑ)


නමුත්, සත්‍ය වශයෙන්ම, ලස්සන කියන්නෙ සාපේක්ෂ දෙයක්. (හැම අවලස්සනක්ම ලස්සනක්)


බහුතරයක් ගැහැනු දැරිවියන්ට ඒ ලස්සන හැබැහින්. දකින්න වුණත් හීන තියනවා. උන් තප්පරයක්‘ ගානේ උන්ගේ මූණ අතපත ගා බලන්න තරම් දිග හේතු උන්ට තියනවා.


මට මේක ෆෙස්බුක්. එකෙන් හම්බුණේ. (ඒකත් හුඟක් අහම්බෙන්!) ලස්සන කෙල්ලෙක්ට වැටුණු කැත කමෙන්ට් එකක්.

 

මොනා ගාලාද සුදුවුණේ?.

 

පාප්ප ගෑවද ? ආප්ප ගෑවද?

 

ෂුවර් එකටම මොනා හරි මඟු‍ලක් උලලා.

 

මම හිතන්නෙ ඉන්ජක්ෂන් එකක් ගහලා. ක්ෂණික සුදු වෙනවලූනේ ඒවා ගැහුවම.


මිනිස්සු හරිම කැමතියි තව එකෙක්ව. කීතු කරන්න. උන්ගේ පුද්ගලික. ආසාවල්වලට බලහත්කාරයෙන් ඇඟිලි. ගහන්න. (මේ හැම කමෙන්ටුවකම තියෙන්නෙ ඒ ද්වේශය.)


ඉතිං තව කෙනෙක් ලස්සනට ඉන්නවා නම් ඔිකි කලින් මෙහෙමයි මේකි ඉස්සර කැතයි දැන් මොනවා හරි බීලා මොනවා හරි ගාලා සුදු වෙලා කියල කුහක කතා කිය කිය හූල්ලන්නෙ ඇයි බං ඉතිං, මොනවා හරි කරලා ඒ මනුස්සයා ඒ මනුස්සයා කැමති විදිහට හැඩ ගැහිලානේ, ඒක කොච්චර සතුටක්ද? කලින් කැතට කලු‍වට හිටිය කියලා උඹලා කියන්නේ මුකුත් නොකර ඒ විදිහටම මිනිහෙක් වුණාම ඉන්න ඕනේ කියලා ද බං, මොන නීතියක්ද ඒක?, (සමාජ මාධ්‍ය සටහන්, උපුටා ගැනීම ගර්ල් රෆුන්සෙල්)


මේ කෙල්ල සෝශල් මීඩියා ඇතුළේ කාලෙකට කලින් ජනප්‍රියතම අයිතමයක් බවට පත්වෙන්නෙ පෘථිවියේ ලස්සනම කෙල්ල විදිහට (ඒක ඈ ඈටම හදාගත්ත බ්‍රෑන්ඩ් නේම් එකක් වෙන්නත් ඇති) ‌කොහොම වුණත් බොහෝම ඉක්මණින් ඈ මේ පෘථිවිවාසීන් සතුටු කරන අමාරු ව්‍යාපෘතියකට අතගහලා තිබුණා.


පසු සටහන - මේ කතාව ඒ කෙල්ල වෙනුවෙන් ම ලියපු හෑල්ලක් නෙවෙයි. ඒක මේ දූපතේ හැම එකියක්ම වෙනුවෙන් ලියපු එකක්. මිනිස්සු හැමදාම එකම විදිහට ඉන්න හොඳ නෑ. උනුත් වෙනස් වෙන්න ඔිනි ලස්සන වෙන්න ඔිනි ඉන් එහා, අනිත් එකාලට ඉරිසියා හිතෙන තරම් ආකාසේ දුර අල්ලන්න ඔිනි.

 

 

views

478 Views

Comments

arrow-up