“තාත්තා අම්මයි මාවයි දෙහිවල පාළම ළඟ අත්හැරලා දාලා ගියා” - හුස්මෙහි ආන්දෝලනාත්මක රංගනයක නිරතවූ චමත්කා කී නොකී කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

“තාත්තා අම්මයි මාවයි දෙහිවල පාළම ළඟ අත්හැරලා දාලා ගියා” - හුස්මෙහි ආන්දෝලනාත්මක රංගනයක නිරතවූ චමත්කා කී නොකී කතාව

“තාත්තා අම්මයි මාවයි දෙහිවල පාළම ළඟ අත්හැරලා දාලා ගියා” - හුස්මෙහි ආන්දෝලනාත්මක රංගනයක නිරතවූ චමත්කා කී නොකී කතාව

චමත්කා‘ගේ ‘ගිනියම් රෑ‘ මියුසික් වීඩියෝ එකටත් වඩා, ඈ රඟපාපු ‘හුස්ම‘ මහා විශාල ‘කම්පනයක්‘ ඇති කරන්න ගන්නවා.

 


‘හුස්ම‘ ඇතුළේ තිබුණු ඇගේ ‘නිරුවත‘ අසභ්‍ය වෙබ් පිටුවල පවා සැරිසරන්න ගන්නවා’ ඉන් එහා ‘නිරුවතට‘ ටිකක්වත් ‘බය බිරාන්ත‘ නොවන ‘චමත්කා කෙනෙක්‘ ගැන හැමෝම කතා කරන්න ගන්නවා.


ඉන් එහා.. ටෙලි කතා ඇතුළෙත් ඈ කරන ‘විප්ලව‘ හැම එකක්ම ‘ප්‍රේක්ෂකයින්ව‘ පුදුම කරවන්න ගන්නවා’ (නමුත්, සත්‍ය වශයෙන්ම ඈ ප්‍රේක්ෂකයින් වසඟයට ගන්නවා!!)


චමත්කා‘ කියන්නෙ අනිත් ‘නළු නිළියන්‘ එක්කලා සංසන්දනය කරන්න ගත්තම ක්ෂේත්‍රය ඇතුළත දී වුණත් ‘නිහතමානීයි‘ කියන කෙනෙක්’ ඒ වගේම ඈ ප්‍රේක්ෂකයින්ට බොහෝම සමීප ඔවුන්ගේ ‘හොඳ නරක‘ දෙකම ඉත සිතින් ‘භාරගන්න‘ කෙනෙක්.


‘සමහර අය නම් ඉතින්, අපි නම් ඒවා බලන් නෑ, ඒවා බලන්න බෑනේ කියලා මූණට කියලා තියෙනවා’ මම ඉතින් ඒවා හිනාවෙලා රිජෙට් කරනවා. ඒක කමෙන්ට් එකක්නේ. ආගිව් කරන්න යන්න බෑනේ’ සමහරු ‘හියුමන් එරස්‘ බැලු‍වට පස්සෙත් හොඳයි කියලා තියෙනවා. නමුත් මම හිතන්නෙ ඒවා තමා බල්නන ඔිනි!.


‘චමත්කා‘ ගොඩක් වෙලාවට ඇගේ ‘දෙමව්පියන්‘ ගැන කතා කරනවා වුණත්, ඇත්තටම ඈ ඇගේ ‘පියා‘ ගැන කතා නොකරන්නෙ ඇයි කියන ‘ප්‍රශ්නය‘ බොහෝ ප්‍රේක්ෂකයින්ට තිබුණා. නමුත්, ඈ ඇගේ ‘පියා‘ ගැන ඇත්ත පසුගිය දවසක කියලා තිබුණා.


ඒ ‘යූටියුබ්‘ නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.


‘දෙහිවල පාලම ළඟ අපේ තාත්තා අපිව දාලා ගිහින් තියනවා. පැය තුන හතරක් යනකන් අපි දෙන්නට යන්න තැනක් හොයාගන්නකන් ඉන්න වුණා ඒ හරියේ. එතකොට 3 වසරේ හෝ 4 වසරේ වගේ. හොඳටම ඇඬුවා මට මතකයි. අපි සීයාලා ගෙදරට යනකන් අපේ අම්මා පොඩ්ඩක්වත් ඇඬුවේ නෑ. හරි ශක්තිමත්ව හිටියා. මට පේන් නැතිවෙන්න, මට හොරෙන් අඬලා ඇති ඔින තරම්.

ඈ ගැන මේ ‘ඇත්ත‘ ගොඩක් අයව ‘රිද්දලා‘ තිබුණා. ඉතින් චමත්කා වෙනුවෙනුත්, චමත්කාගේ ‘අතිශය සංවේදී‘ අතීතය වෙනුවෙනුත් ඒ අය විවිධ ප්‍රතිචාර දක්වලා තිබුණා.

views

282 Views

Comments

arrow-up