“ආයෙත් කාටවත් මාව විවාහ කරගන්න බැරි වෙන තැනටම මට ගොසිප් ගැහුවා” - ශේෂාද්‍රි ප්‍රියසාද් කිවුව කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

“ආයෙත් කාටවත් මාව විවාහ කරගන්න බැරි වෙන තැනටම මට ගොසිප් ගැහුවා” - ශේෂාද්‍රි ප්‍රියසාද් කිවුව කතාව

“ආයෙත් කාටවත් මාව විවාහ කරගන්න බැරි වෙන තැනටම මට ගොසිප් ගැහුවා” - ශේෂාද්‍රි ප්‍රියසාද් කිවුව කතාව

හැමෝම ආදරේ කරන ජනප්‍රිය කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ප්‍රියසාද් පවුලේ දෙවෙනි දියණිය ශේෂාද්‍රි ප්‍රියසාද් ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ.


කලක් රිදී තිරයේ ඉහළම තලයේ ජනප්‍රියත්වයක් ලැබූ ඇය දැන් පුංචි දියණියකගේ මවක්. පළමු විවාහයෙන් වෙන් වී නැවතත් විවාහ වුණු ඇය දැන් සාර්ථක ගෘහණියක්, බිරිඳක් වගේම මවක් හැටියට ජීවිතේ ගත කරනවා.


ශේෂාද්‍රි මෑතකදි සහභාගි වුණු පෞද්ගලික යූටියුබ් නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකදි ඇගේ අතීතය ගැන මෙන්න මෙහෙම ප්‍රකාශ කරලා තිබුනා.

 

“මගේ ජීවිතේ අතීතය ගැන මම කතා කරන්නවත් හිතන්නවත් කැමැති නැහැ. ඒ දේවල් නිසා මානසිකව ගොඩක් වැටුනු කෙනෙක් මම. ආයිමත් කවුරුත් මාව විවාහ කරගන්න බැරි වෙන තැනටම මට ගොසිප් ගැහුවා. ඒක තමයි ඇත්ත කතාව. නමුත් මුල ඉඳන්ම මම ගැන හොඳ අවබෝධයක් තියෙන මං ගැන හොඳ අවබෝධයක් තිබුනු කෙනෙක් විදිහට මම ගොඩක් වාසනාවන්තයි ක්‍රිෂාන් වගේ කෙනෙක් හම්බුණු එක ගැන


කිසිම වරද්දක් නොකර කෙනෙක්ට මඩ ගැහුවාම මට ඒක මානසිකව ගොඩක් බලපෑවා. මම හැම දෙයක්ම අත්හැරල දාපු කෙනෙක්. ආයිමත් විවාහ වෙන්න තියා වෙන මුකුත්ම එපා කියන තැන මම හිටියා’ ඒ වුණට මට කවදහරි දවසක හොඳ පවුල් ජීවිතයක් ඕනේ කියන දේ මගේ හිතේ තිබුනා.

ක්‍රිෂාන් හම්බුනේ නැත්නම් ඒ දේවල් මේ විදිහට වෙනස් නොවෙන්නත් ඉඩ තිබුනා. අපි යාළුවුණු මුල් කාලේ ගොඩක් දෙනෙක් එයාට එක එක දේවල් කියන්න ගත්තා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. එයා ගොඩක් විවෘත මනසක් තියෙන කෙනෙක්. මම ඒකට එයාට ගරු කරනවා. මොන ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න විසf​ඳනවා. ඒ ප්‍රශ්න ඉවර වෙනවා. මම හිතන්නේ අන්න එහෙම තමයි. කවුරු වුනත් විවාහය බිඳ වැටුන කියලා වැටෙන්න ඕනේ නැහැ.”

views

672 Views

Comments

arrow-up