චමෝදිගේ මරණය සම්බන්ධයෙන් එළියට ආ අලුත් කතාව

පසුගිය 11 වනදා එන්නතක් ලබාදීමෙන් අනතුරුව පේරාදෙණිය රෝහලේදී මියගිය 21 හැවිරිදි චමෝදි සන්දීපනී ජයරත්න තරුණියගේ මියයාමේ සිදුවීම සම්බන්ධව විමර්ශනයක් කිරීමට පත්කරන ලද පංච පුද්ගල කමිටුව ඊයේ(15) දිනයේ පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කර ඇත.
ඉදිරි දින කිහිපයක් තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුව සිය විමර්ශන අවසන් කර සම්පුර්ණ වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බව සොඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
කෙසේ වෙතත් එම තරුණියගේ මියයාමට හේතුව ඖෂධයක් නිසා සිදුවූ බවට සැක නොකරන බවත් ශරීරයේ සිදුවු අසාත්මිකතාවයක් එලෙස මියයෑමට හේතුවන්නට ඇතැයි සැක කරන බවද පේරාදෙණිය රෝහලේ අධ්‍යක්ෂවරයා සදහන් කරයි.
එහෙත් මියගිය තරුණියගේ පවුලේ ඥාතීන් සදහන් කර සිටියේ රෝහලට ඇතුළත් කරන විට කිසිදු අසාධ්‍ය රෝගී තත්ත්වයක් පෙන්නුම් නොකළ බවත් එන්නත් ලබාදීමෙන් පසු එකවරම අසාධ්‍ය තත්ත්වයට පත්වී මියගිය බවයි.
673 Views
Comments