ලොවක් කම්පා වෙයි කාන්තාවන් දෙදෙනෙක්ව නිරුවත් කර පාරේ ඇවිද්දවා කල අපරාධය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
23

ලොවක් කම්පා වෙයි කාන්තාවන් දෙදෙනෙක්ව නිරුවත් කර පාරේ ඇවිද්දවා කල අපරාධය

ලොවක් කම්පා වෙයි කාන්තාවන් දෙදෙනෙක්ව නිරුවත් කර පාරේ ඇවිද්දවා කල අපරාධය

ඉන්දියාවේ කුඩා ප්‍රාන්ත රාජ්‍යයක් වන මනිපුර්හි ගෝත්‍රික දෙකක් අතර ගැටුම් මැයි මාසයේ 3 වෙනිදා සිට ඇවිලෙමින් තිබෙන අතර එම ගැටුම් නිසා අවම වශයෙන් 130 දෙනෙකු මියගොස් තිබෙන අතර 400 දෙනෙකු තුවාල වී තිබේ.


60000 කට වැඩි පිරිසකට ජිවිත බේරා ගැනීමට තම නිවෙස් අතහැර දමා පැනයාමට සිදුවී තිබේ.


පොලිසිවලට කඩා පැන ඒවායේ තිබු තුවක්කු සහ උණ්ඩ පැහැරගෙන ගොස් තිබෙන අතර කතෝලික පල්ලි සිය ගානක් සහ කෝවිල් ගණනාවක් සහ ගම්මාන රැසක් විනාශ කර තිබේ.


ගෝත්‍ර දෙකක් අතර ඇතිවී තිබෙන මේ ගැටුම සිවිල් යුද්ධයක් බවට පත්ව තිබෙන බව ඇතැමෙකු කියති.


මෝඩි මැයි මාසයේ සිට ඊයේ පෙරේදා දක්වා මස තුනකට ආසන්න කාලයක් මේ ගැන කිසිවක් කතා නොකර සිටියේය ඊට හේතුව නම් මනිපුර් ප්‍රාන්ත ආණ්ඩුව පාලනය කරන්නේ මොඩිගේ භාරතීය ජනතා පක්ෂය වීමයි එමෙන්ම ගැටුමේ ප්‍රහාරක පාර්ශවය එම ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ බහුතරය වන මෙයිටෙයි ගොත්රයයි.


ගැටුම ඇතිවී තිබෙන්නේ මෙයිටෙයි ගෝත්‍රය සහ කුකී ගෝත්‍රය අතරය මෙයිටෙයි ගෝත්‍රය මනිපුර්හි ජනයාගෙන් 53%ක් වන අතර කුකී සහ නාගා ගෝත්‍ර අනෙකුත් ප්‍රධාන ගෝත්‍ර වේ.


ඉකුත් මැයි මාසයේ 4 වෙනිදා කුකී ගෝත්‍රයට අයත් කාන්තාවන් දෙදෙනෙකු නිරුවත් කොට මහපාරේ රැගෙන ගොස් ඇති අතර ඉන්පසු මෙයිටෙයි ගෝත්‍රික පිරිසක් විසින් එම කාන්තවන් දෙදෙනා සමුහ වශයෙන් දුෂණය කර තිබේ.


මට පුද්ගලිකව දැනුන් දුන් අය කියා සිටියේ ඔවුන් දෙදෙනා විශ්ව විද්‍යාල සිසුවියන් දෙදෙනෙකු බවය.


කිසිවෙකු විසින් සමුහ දුෂණය වීඩියෝ ගත කර තිබෙන අතර එය සමාජ මාධ්‍යවල පළවුයේ මේ සතියේය ඊට හේතුව මනිපුර්හි අන්තරජාල සම්බන්ධතා මනිපුර් ප්‍රාන්ත ආණ්ඩුව අත්හිටව තිබීම නිසාය

ප්‍රාන්ත ආණ්ඩුව පාලනය කරන්නේ ගැටුමේ එක පාර්ශවයක් වන මෙයිටෙයි ගෝත්‍රිකයන් බැවින් ප්‍රාන්ත ආණ්ඩුව මේ ගැටුමේදී මෙයිටෙයි ගොත්රිකයනට පක්ෂව ක්‍රියා කර තිබේ.


මාස තුනක් තිස්සේ කට වසාගෙන සිටි මෝඩිට කට අරින්නට සිදුවුයේ කාන්තවන් නිරුවත් කොට ප්‍රදර්ශනය කිරීම සහ දුෂනයකිරීම දැක්වෙන වීඩියෝ පටය සමාජ මාධ්‍යවල පලවීම නිසාය.


ගැටුම් ආරම්භ වීමට හේතුව වී තිබෙන්නේ මෙයිටෙයි ගෝත්‍රයට නිල රාජ්‍ය පිළිගැනීමක් ලබා දෙන ලෙස කරන ලද ඉල්ලීමට කුකී ගෝත්‍රය විරුද්ධ වීම නිසාය කුකී ගෝත්‍රිකයන් කියන්නේ එවැනි නිල පිළිගැනීමක් ඉල්ලන්නේ තමන් ජිවත්වන ප්‍රදේශවල තිබෙන ඉඩම් පැහැර ගැනීමට බවය.


මෝඩි 40000 භට පිරිස් මනිපුරයට යට යවා ඇතත් ගැටුම් පාලනය කිරීමට තවමත් හැකිවී නැති බව ඊඊක්‍ වාර්තාවක් කියයි.

views

760 Views

Comments

arrow-up