ලක්ෂ 20ක වාහනය 950,000කට ගන්න අලුත්ම ක්‍රමය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

ලක්ෂ 20ක වාහනය 950,000කට ගන්න අලුත්ම ක්‍රමය මෙන්න

ලක්ෂ 20ක වාහනය 950,000කට ගන්න අලුත්ම ක්‍රමය මෙන්න

අධිකරණය රාජසන්තක කළ නඩු භාණ්ඩ වෙන්දේසිවලට වාහන ලබාගැනීමට පැමිණෙන සංවිධානාත්මක කල්ලියක් හේතුවෙන් වෙන්දේසිවලට සහභාගි වන සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් අදාල සංවිධානත්මක කල්ලිය හේතුවෙන් රජයට විශාල ආදායමක් අහිමිවන බවත් ජනතාව චෝදනා කරනවා.


 

මෙම සංවිධානාත්මක කල්ලිය රට පුරා අධිකරණවල වෙන්දේසිවලට සහභාගි වී යතුරුපැදි සහ සෙසු වාහන මිලදී ගැනීමට පැමිණෙන සාමාන්‍ය ජනතාවට බලපෑම් කරමින් වාහනවල රජයේ තක්සේරු මුදලට වඩා සුළු වැඩි මුදලකට ලබාගන්නා බවත් ජනතාව පවසනවා.


 

අධිකරණයේ වෙන්දේසිය පැවැත්වෙන අවස්ථාවේදී එම කල්ලියට සම්බන්ධ නොමැති පුද්ගලයෙක් අදාල වාහනවලට මිලක් ඉදිරිපත් කළ හොත් කල්ලියේ සාමාජිකයෙක් අදාල ඉල්ලු‍ම්කරු අසළට පැමිණ බලපෑම් කර ඔහු නතර කරන බව ද කියන ජනතාව රජයේ තක්සේරු මුදලට වඩා වැඩි විශාල මුදලකට අළෙවි කළ හැකි වාහන අදාල කල්ලිය අඩු මිලකට ලබාගන්නා බව ද සඳහන් කර සිටිනවා.


 

එම කල්ලිය අඩු මිලකට ලබාගන්නා වාහන අධිකරණය භූමියෙන් පිටතට ගෙන ගොස් නැවත වැඩි මිලට විකුණා අධික ලාභය කල්ලියේ සාමාජිකයන් අතර බෙදාගන්නා අතර ඒ අනුව සාමාන්‍ය ජනතාවට වැඩි මිලට අදාල කල්ලියෙන් මිලදී ගැනීමට සිදුව තිබෙනවා.


 

මෙම කල්ලියට කොළඹ, කුරුණෑගල, පානදුර සහ මහරගම ආදි දිවයින පුරා ප්‍රදේශ රැසක පුද්ගලයන්ගෙන් සමන්විත බවත් අධිකරණවල වෙන්දේසි අවස්ථාවලට බුද්ධි අංශ නිලධාරීන් යොදවා මේ සම්බන්ධයෙන් බලධාරීන් කටයුතු නොකළ හොත් රජයට ඉදිරියේදී විශාල ආදායමක් අහිමිවන බවත් ජනතාව පවසනවා.


 

“ඔයා ඉල්ලන්න එපා ඇයි රජයට සල්ලි දෙන්නේ. එළියෙදි අපෙන් ගන්න පුළුවන්” යැයි අදාල කල්ලියේ සාමාජිකයන් ජනතාවට බලපෑම් කරන බව ද පැවසෙනවා.


 

එම කණ්ඩායම්වල සාමාජිකයන්ට ඇති බිය හේතුවෙන් සාමාන්‍ය ජනතාව වෙන්දේසිවලින් ඉවත්වන බව ද වාර්තා වෙනවා.


 

හොරණ මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ පැවැති නඩු භාණ්ඩ වෙන්දේසියේ ද එම සංවිධානාත්මක කල්ලිය ජනතාවට බලපෑම් කළ බව වාර්තා වන අතර එහිදී එම කල්ලියේ සාමාජිකයන් සාමාන්‍ය ඉල්ලු‍ම්කරුවන් අසළට පැමිණ බලපෑම් කළ බව ද වාර්තා වෙනවා.


 

රුපියල් 950,000 කට තක්සේරු කර තිබූ විශාල ප්‍රමාණයේ ලොරි රථයක් අදාල කල්ලිය සංවිධානාත්මකව රුපියල් 966,000 ක මුදලකට ලබාගත් බවත් එම ලොරි රථයේ විවෘත වෙළෙඳපොල වටිනාමක රුපියල් ලක්‍ෂ 20 ඉක්මවන බවත් දැනගන්නට තිබෙනවා.

views

196 Views

Comments

arrow-up