මහ මගදී තරුණියව නිරුවත් කළ තරුණයාටයි පුතු නතර නොකළ මවටයි වැඩ වැරදුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

මහ මගදී තරුණියව නිරුවත් කළ තරුණයාටයි පුතු නතර නොකළ මවටයි වැඩ වැරදුණු හැටි

මහ මගදී තරුණියව නිරුවත් කළ තරුණයාටයි පුතු නතර නොකළ මවටයි වැඩ වැරදුණු හැටි

හයිද්‍රාබාද්හි ජවහර් නගර් ප්‍රදේශයේ මාර්ගයකදී තරුණයෙකු විසින් තරුණියක් නිරුවත් කර ඇති පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.


සිදුවීම ආරක්ෂිත කැමරාවන්හි සටහන්ව ඇති අතර එය සමාජ මාධ්‍යවල පැතිර යාම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි කෝපයට පත්ව තිබෙනවා.


මෙම තරුණිය රාත්‍රියේ අසල ඇති රෙදිපිළි අලෙවිසැලක සිට ආපසු එමින් සිටියදී එම පුද්ගලයා ඇයව අනිසි ලෙස ස්පර්ශ කර ඇති බවයි සඳහන්.


තරුණිය ඊට විරෝධය පළ කිරීමෙන් පසු එම පුද්ගලයා ආක්‍රමණශීලී ලෙස හැසිරෙමින් ඇයගේ ඇඳුම් ඉරා දමා තිබෙනවා.


ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ සිදුවීම වන අවස්ථාවේ එම ස්ථානයට තවත් කාන්තාවක් පැමිණි බවත් ඇය මෙම සිදුවීම නවත්වාලීමට කිසිදු උත්සාහයක් නොගත් බවයි. එම කාන්තාව මෙම තරුණයාගේ මව වන බවයි සඳහන් වන්නේ.


නිරුවතින් මහ මග සිටි කාන්තාවට නිල් පැහැති ඉටි කොල ආවරණයක් ලබාදීමට සිදුවීම ඇසින් දුටු අනෙකුත් පිරිස් කටයුතු කර තිබෙනවා.


සිදුවීම සම්බන්ධයෙන් අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති අතර තම පුතා නැවැත්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මවට ද දොස් පවරමින් නඩුවක් පවරා ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

views

1093 Views

Comments

arrow-up