නීත්‍යානුකූල බිරිඳ ලගට ගිය අනියම් පෙම්වතාගෙන් පළිගන්න පෙම්වතිය කළ අපරාධය - ආරක්ෂිත කැමරා සාක්ෂිදෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

නීත්‍යානුකූල බිරිඳ ලගට ගිය අනියම් පෙම්වතාගෙන් පළිගන්න පෙම්වතිය කළ අපරාධය - ආරක්ෂිත කැමරා සාක්ෂිදෙයි

නීත්‍යානුකූල බිරිඳ ලගට ගිය අනියම් පෙම්වතාගෙන් පළිගන්න පෙම්වතිය කළ අපරාධය - ආරක්ෂිත කැමරා සාක්ෂිදෙයි

පෙම්වතිය විසින් සිය අනියම් පෙම්වතාගේ පුතා ඝාතනය කර ඇති පුවතක් ඉන්දියාවේ බටහිර දිල්ලි ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.



මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 11 හැවිරිදි පිරිමි දරුවෙක් වන අතර ඊට සැකපිට 24 හැවිරිදි පූජා කුමාරි දිව්‍යාංෂ් නම් අයව අත්අඩංගුවට ගෙන තිබෙනවා.



ඝාතනයට හේතුව ලෙස ඇය පාපොච්චාරණය කර ඇත්තේ පෙම්වතා සමඟ තමාට විවාහයට බාධාවක් ලෙස සලකා ඝාතනය සිදුකළ බවයි.



පූජා කුමාරි සහ ඇයගේ පෙම්වතා වන ජිතේන්ද්‍ර අතර අනියම් සම්බන්ධයක් තිබී ඇති අතර ඔවුන් දෙදෙනා 2019 දී එකට ජීවත් වීමට පටන් ගෙන තිබෙනවා. නමුත් ඊට වසර කිහිපයකට පසු එම පුද්ගලයා තම බිරිඳ සහ දරුවා වෙත ආපසු ගොස් ඇති අතර පෙම්වතිය වන පූජා ඉන් දැඩි කෝපයට පත්ව සිටි බවයි සඳහන්.



ඒ අනුව ඇය ඉකුත් 10 වැනිදා ඉන්දර්පූර්හි පිහිටි ජිතේන්ද්‍රගේ නිවසේ ලිපිනය ලබා දෙන ලෙස මිතුරෙක්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ හෝ ලිපිනය සොයාගෙන ඇති ඇය නිවසට ළඟා වන අවස්ථාවේ නිවසේ දොර විවෘතව තිබී ඇති අතර පිරිමි දරුවා ඇඳ මත නිදා සිටිනු දැක තිබෙනවා.



වෙනත් කිසිවෙක් නිවසේ නොමැති බව තහවුරු කරගත් පසු දරුවා වෙත ළංව ගෙල සිරකිරීමෙන් ඝාතනය සිදුකළ බවයි ඇය පාපොච්චාරණය කර ඇත්තේ. අනතුරුව දේහය ඇඳුම් අසුරා තිබූ පෙට්ටියක බහා පළා ගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන්.



ඒ අනුව ඝාතනය පිළිබඳව ඉදිරිපත් වූ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මකව ඇති බටහිර දිල්ලි පොලීසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ CCTV කැමරා දර්ශන ආධාරයෙන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.



ඊට 300කට ආසන්න CCTV කැමරා දර්ශන පසුපස ලුහුබැඳීමට සිදු වූ බවත් වැඩිදුරටත් සඳහන්.

views

543 Views

Comments

arrow-up