හිරු නොබසින අධිරාජ්‍ය කම්පා කල 10 හැවිරිදි දැරියගේ අනපේක්ෂිත මරණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
18

හිරු නොබසින අධිරාජ්‍ය කම්පා කල 10 හැවිරිදි දැරියගේ අනපේක්ෂිත මරණය

හිරු නොබසින අධිරාජ්‍ය කම්පා කල 10 හැවිරිදි දැරියගේ අනපේක්ෂිත මරණය

එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ සිය නිවසේ මියගොස් සිටි දැරියකගේ මළ සිරුරක් සොයා ගැනීම එරට මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.

 

මෙම සිද්ධිය ගැන ගවේෂණය ඇරඹූ පොලිසියට ඇය දන්නා හඳුනන පුද්ගලයන් තිදෙනෙකු රටින් පිටවීමට ගුවන් ගමන් වෙන්කරවාගෙන ඇති බව වාර්තාවී ඇති අතර සිද්ධිය ගැන කුතුහලයක් මතු කර තිබේ.

 

10 හැවිරිදි සාරා ෂරීෆ් පසුගිය බ්‍රහස්පතින්දා අලුයම 2.50 ට පමණ වෝකින්ග් අසල හෝර්සල් ගම්මානයේ නිවසක තනිව සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරුවූ බව වාර්තා විය.

 


සරේ පොලිසිය මිනීමැරුම් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර සාරාගේ මරණය සම්බන්ධයෙන් සැක අය පළාගොස් ඇතැයිද ඔවුන් හමුවී වැඩි තොරතුරු සොයාගන්නට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කර තිබේ.
සාරා ෂරීෆ්ගේ සිරුර සොයාගනු ලැබුවේ සරේ හි වෝකිං (සාරා ෂරීෆ්) හි පිහිටි ඉඩමක ය.

 


නගරයේ සංචාරක නියෝජිතයෙකු පවසා ඇත්තේ, වැඩිහිටියන් තිදෙනෙකුට සහ ළමුන් පස් දෙනෙකුට පකිස්ථානයට යාමට වීසා ප්‍රවේශපත්‍ර අවශ්‍යව, දැරිය හඳුනන අයෙකු විසින් අගෝස්තු 8 වන දින තමා ඇමතූ බවයි.පකිස්ථානය සහ එක්සත් රාජධානිය අතර විධිමත් පිටුවහල් කිරීමේ ගිවිසුමක් නොමැත.

 

මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයෙක් එක්සත් රාජධානියේ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ පකිස්තානයට ගියහොත්, ඔවුන් ආපසු ලබා දීමට ඉස්ලාමාබාද් බලධාරීන්ට බැඳීමක් නොමැති බවයි.
සාරාගේ මව ඔල්ගා ෂරීෆ් පැවසුවේ ඇයට තම දියණියගේ භාරකාරත්වය නොමැති බවත් නිලධාරීන් සමඟ දුරකථන ඇමතුමකින් ඇයගේ මරණය දැනගත් බවත්ය.
 

views

410 Views

Comments

arrow-up