ජාත්‍යන්තරයේ වඩාත් කතාබහට ලක්වූ කඩවසම් ම සුපිරි සිනමා තරුව දිවි සැරිය නිම කරයි (PHOTOS)

ප්‍රංශ සිනමාවේ පුරාවෘත්තයක් බඳු Alain Delon අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු වයස අවුරුදු 88 පසුවූවා.
ඩෙලෝන්, ප්‍රංශ සිනමා නළුවෙක් සේ ම නිෂ්පාදකයෙක් ලෙස ද ප්‍රකටය.
ඔහුගේ ජීවන විලාසය, පෙනුම සහ භූමිකාවන් ඔහුව ජාත්‍යන්තර තරුවක් බවට පත් කළ අතර ප්‍රංශ සිනමාවේ ස්වර්ණමය යුගයේ තරු අතර, Alain Delon නම ඉහළින්ම කියවෙන්නකි.
Women Are Weak (1959), Purple Noon (1960), Rocco and His Brothers (1960), L'Eclisse (1962), The Leopard (1963), Le Samouraï (1967) වැනි චිත්‍රපටවල චරිත සඳහා ඩෙලෝන් විචාරක පැසසුමට ලක් විය.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඩෙලෝන්, දරුවන් වටකරගෙන ගෙවූ දිවිය තුළ සිය නිවසේදී ම සාමකාමීව අවසන් හුස්ම හෙලූ බවයි.
මෑත කාලීනව ඔහු දුර්වල සෞඛ්‍ය තත්වයෙන් පසු වූ බවත් සඳහන්.
ඩෙලෝන්ගේ නම ආසන්නතම කාලයේදී සිරස්තල බවට පත් වූයේ ඔහුගේ පවුල් ජීවිතය බිඳවැටීම නිසාවෙනි.
ප්‍රංශ සිනමාවේ 'ලස්සනම මිනිසා' මැයෙන් ඩෙලෝන් ලද ජනප්‍රියත්වය සුළුපටු නොවේ.
ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිට තිබුණේ, 2019 මැයි මාසයේ කෑන්ස් චිත්‍රපට උළෙලේදී ගෞරවණීය Palme d'or සම්මානයෙන් පිදුම් ලැබීමත් සමඟයි.
428 Views
Comments