බටහිර වෙරළේ මියගිය කැස්බෑවන් ගැන එළියට ආ අලුත්ම කතාව

මෙරට බටහිර මුහුදු ප්‍රදේශයේදී මියගොස් සිටියිදී සොයා ගැනුණු කැස්බෑවුන් විශේෂය වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින කැස්බෑවුන් විශේෂයක් බව සාගර විශේෂඥයින් පවසනවා.
රුහුණු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේ මෙම කැස්බෑවුන් මිය යාමට බලපෑ සත්‍ය හේතුව සොයා ගැනීම සඳහා මේනවිට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
වඳවී යාමේ තර්ජනයකට ලක්ව ඇති මෙවැනි සත්ත්ව විශේෂ මෙලෙස අහිමි වීම මෙරට ජෛව විවිධත්වයට බලපෑමක් එල්ල කරන බව ද මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළා.
පසුගිය 22 වනදා සිට මේ දක්වා මෙරට බටහිර වෙරළ තීරය ආශ්‍රිතව මියගිය කැස්බෑවන්ගේ සිරුරු 22 ක් ගොඩ ගසා ඇති බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
319 Views
Comments