“මටයි, මගෙ දරුවටයි වෙන කරදර ඉවසගන්න බැහැ” - පිටු තුනක ලියුමක් ලියා අවුරුද්දේ සිඟිත්තා සමඟ වැවට පැන්න මව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

“මටයි, මගෙ දරුවටයි වෙන කරදර ඉවසගන්න බැහැ” - පිටු තුනක ලියුමක් ලියා අවුරුද්දේ සිඟිත්තා සමඟ වැවට පැන්න මව

“මටයි, මගෙ දරුවටයි වෙන කරදර ඉවසගන්න බැහැ” - පිටු තුනක ලියුමක් ලියා අවුරුද්දේ සිඟිත්තා සමඟ වැවට පැන්න මව

අවුරුද්දක් පමණ වයසැති තම සිඟිත්තිය සමග මවක් වැවකට පැන සිය දිව හානි කරගෙන ඇති බව ලිදුල පොලිසිය පැවසීය.

 

මෙසේ වැවට පැන සියදිවි හානි කර ගෙන ඇත්තේ ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වත්තේ පදිංචිව සිටි මගමනි දයානි (26) නමැති එක්දරු මව සහ ඇයගේ අවුරුද්දක් වයසැති මනෝහරන් ප්‍රතික්ෂා නම් සිඟිත්තියයි.

 

සිය සැමියාගෙන් සහ සැමියාගේ පවුලේ ඥාතීන්ගෙන් තමන්ට සහ දරුවාට හිරිහැර සිදු වන බව මගමනි දයානි විසින් පිටු තුනක ලිපියක් ලියා එම ලිපිය මෙන්ස තම විවහ සහතිකය සහ ජාතික හැඳුනුම්පත වැව අසල තබා ඊයේ (23) උදෑසන සිඟිත්තිය සමග ලිදුල ලෝගි වත්තේ ඇයගේ නිවස අසල පිහිටි වැවට පැන සියදිව හානි කරගෙන ඇති බව ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා කීවේය.

 

මළ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ඩබ්ලිව්.ආර්. විජේවික්‍රම මහතා විසින් පවත්වන ලදී. එහි දී මහෙස්ත්‍රාත්වරයා ලිදුල පොලිසියට නියෝග කර සිටියේ ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර සිගිත්තියගේ ද සිරුර සොයාගෙන එම සිරුරු ද පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කරන ලෙසයි.

 

සිඟිත්තියගේ සිරුර සොයා නුවරඑලිය පොලිස් ජීවිතාරක්ෂක බලකායේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් දියත් කළත් සිරුර හමු නොවූ නිසා සිඟිත්තියගේ සිරුර සොයා ගැනීමට නාවික හමුදා සහය ලබා ගැනීමට කටයුතු කරන බව ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.

 

නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතාගේ උපදෙස් පරිදි ලිදුල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

333 Views

Comments

arrow-up