ඉන්දියාවේ සල්ලිකාරම “තරුව” කවුද කියලා දන්නවද? - මෙන්න ඒ ගැන කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ඉන්දියාවේ සල්ලිකාරම “තරුව” කවුද කියලා දන්නවද? - මෙන්න ඒ ගැන කතාව (PHOTOS)

ඉන්දියාවේ සල්ලිකාරම “තරුව” කවුද කියලා දන්නවද? - මෙන්න ඒ ගැන කතාව (PHOTOS)

ඉන්දියාවේ ධනවත්ම ‘තරු ළමයා’ ගැන කියන්නයි මේ සූදානම.

 

නිකමට හිතලා බලන්නකො, ඒ කවුරු වෙන්න ඇතිද කියලා.

 

අටුවා ටීකා ඕනි නෑ, ඒ තමයි සුපිරි නළු ‘රිතික් රෝෂන්’

 

 

සිනමාකරුවෙකු වන රාකේෂ් රෝෂන්ගේ පුත්‍රයා තමයි රිතික්.

 

ඉන්දීය වාර්තාවන්ට අනුව, මේ වෙද්දි ඉන්දියාවේ ඉන්න සියලුම ‘තරු ළමයින්ගෙන්’ සුපිරිම සල්ලිකාරයා තමයි ඔහු.

 

රිතික්ගේ ශුද්ධ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 3100 (ඩොලර් මිලියන 370 කට වඩා වැඩි) ඉක්මවන බවයි ආරංචි.

 

එය සයිෆ් අලි ඛාන් (රුපියල් කෝටි 1200), අභිෂේක් බච්චන්, රන්බීර් කපූර් (කෝටි 400), ආලියා වැනි ඔහුගේ සමකාලීනයන් සහ කනිෂ්ඨයන් අභිබවා යන දැවැන්ත වත්කමක් කිව්වොත් හරි.

 

ඉන්දීය වාර්තා පෙන්වාදෙන හැටියට දකුණු ඉන්දීය තරු වන රාම් චරන් (කෝටි 1340), ජූනියර් එන්ටීආර් (කෝටි 500), සහ ප්‍රභාස් (රුපියල් කෝටි 300) වැන්නවුන් ද රිතික්ගේ වත්කම් ප්‍රමාණය ඉක්මවලා නෑ.

 

ඒ විතරක් නෙවෙයි ඉන්දියාවේ ධනවත්ම තරු ළමයා වන ඔහු, සල්මාන්ටත් වඩා ධනවත් බව සඳහන්.

 

ඉතින්,, රන්බීර් කපූර්, ආලියා භාත් සහ ජූනියර් එන්ටීආර් වැන්නවුන් ද ඉන්දියානු සිනමාවේ සාර්ථකම තරු දරුවන් වුණත් ඒ කාටවත් හැකියාව ලැබිලා නෑ රිතික් තරම් ධනවත් වෙන්න.

 

රිතික් කොහොමද එහෙම ධනවත් වුණේ ??? ඒ ප්‍රශ්නෙ ඔයාටත් ආවා නේද…

 

 

රිතික්ගේ ධනයේ රහස ඔහුගේ ව්‍යාපාර ආයෝජන මිස චිත්‍රපටවලින් විතරක් ඔහු කළ ඉපැයීම් නෙවෙයි.

 

ඒ වගේම රිතික් රෝෂන් කියන්නෙ ඔහුගේ පරම්පරාවේ වඩාත්ම සාර්ථක රංගන ශිල්පියෙක්.

 

ඔහු චිත්‍රපටයකට ඉන්දීය රුපියල් කෝටි 85ක් වැනි මුදලක් අය කරන බවයි සඳහන් වෙන්නෙ.

 

නමුත් ඔහු රඟපාන්නේ තෝරා බේරාගත් නිර්මාණ කිහිපයක විතරක් වීම නිසා, රිතික්ගේ ධනයට ප්‍රධාන වශයෙන් එය බලපෑම් කර නැති බවයි කියවෙන්නෙ.

 

ඒ අනුව ඔහුගේ ශුද්ධ වටිනාකමෙන් වැඩි ප්‍රමාණයක් සිය ක්‍රීඩා ඇඳුම් සන්නාමය වන HRX වෙතින් ලැබෙන බව සඳහන්.

 

Financial Express වාර්තාවකට අනුව ඔහුගේ එම සමාගමේ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 1000ක් වෙනවා.

 

එය ඉන්දියානු නළුවෙකු සතු වඩාත්ම සාර්ථක ව්‍යාපාරයක් ලෙස ප්‍රකටයි.

 

ඉන් එහාට රිතික්ට වෙනත් ව්‍යාපාරික ආයෝජන සහ ඔහුගේ පියාගේ නිෂ්පාදන සමාගමේ කොටස් ද ඇති බවත් සඳහන්.

views

172 Views

Comments

arrow-up