“එයා අයිති මටයි... නෑ, නෑ මටයි...” - මියගිය සැමියාගේ මළසිරුර බාරගන්න බිරින්දෑවරු දෙදෙනෙක් ඇවිත් වෙච්ච අලකලංචිය
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
12

“එයා අයිති මටයි... නෑ, නෑ මටයි...” - මියගිය සැමියාගේ මළසිරුර බාරගන්න බිරින්දෑවරු දෙදෙනෙක් ඇවිත් වෙච්ච අලකලංචිය

“එයා අයිති මටයි... නෑ, නෑ මටයි...” - මියගිය සැමියාගේ මළසිරුර බාරගන්න බිරින්දෑවරු දෙදෙනෙක් ඇවිත් වෙච්ච අලකලංචිය

හෝමාගම පිටිපන ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පොළ වාසය කරමින් සිටී හිස් වැසුම් නිෂ්පාදන ආයතනයක අලෙවිකරුවෙකු හෘදයාබාධයකින් මිය යාමෙන් අනතුරුව මළ සිරුර භාර ගැනීම සඳහා කසාද සහතික දෙකක් අතැතිව කාන්තාවන් දෙදෙනකු පැමිණ දේහයට අයිතිවාසිකම් කීමේ සිද්ධියක් හෝමාගම මූලික රෝහලෙන් ඉකුත් දා වාරිතා විය.මෙසේ මිය ගොස් ඇත්තේ (54) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

 

මෙම පුද්ගලයා රැකියාව සඳහා පැමිණ හෝමාගම පිටිපන ප්‍රදේශයේ තාවකාලික නවාතැන්පොළක තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග වාසය කරන අතර එක් වරම ඇතිවූ පපුවේ අමාරුවක් නිසා හෝමාගම නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගෙන පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරිමේදී මෙසේ මියගොස් තිබුණි.


මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරික්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදුකළ අතර මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය වර්ණා ජයසුන්දර මහත්මිය සිදු කළාය.


එහිදී ඉදිරිපත් වූ සාක්කි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් බවට නිගමනය කළේය.එහිදී මෘත දේහය භාර ගැනීම සඳහා කසාද සහතික දෙකක් අතැතිව මොනරාගල සහ කිරිඳිවැල ප්‍රදේශවල පදිංචි කාන්තාවන් දෙදෙනකු ඉදිරිපත් වූ අතර

 


පළමු කසාද කාන්තාව වන කිරිදිවැල ප්‍රදේශයේ කාන්තාවට අවසන් කටයුතු සිදු කිරීම සඳහා දේහය භාරදීමට හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා පොලිසියට නියෝග කළේය.


එහිදී දෙවන කසාද බිරියටත් අවසන් කටයුතු සඳහා සහභාගී වීමට අවසර ලබා දෙන ලෙසත් පළමු බිරිය විසින් අවසන් කටයුතු සිදු කරද්දී ඊට බාධා නොකරන ලෙසත් කාන්තාවන් දෙදෙනාට තරයේ අවවාද කොට කිරිදිවැල ප්‍රදේශයේ පදිංචි පළමු කසාද බිරිඳට දේහය භාරදීමට පියවර ගෙන තිබුණි.

views

360 Views

Comments

arrow-up