සමන්තාගේ හිටපු සැමියා “නාගා” සෝභිතා සමඟ විවාහ දිවියට (PHOTOS)

සමන්තා රූත් ප්‍රභූගේ හිටපු සැමියා වන තෙළිඟු සිනමා නළු, Naga Chaitanya සහ ඉන්දියානු නිළි Sobhita Dhulipala ඊයේ (04) විවාහ දිවියට පිවිසුණා.
ඒ ළඟම හිතවතුන් පමණක් සහභාගී වුණු, සාම්ප්‍රදායට මුල්තැන දුන් සරල විවාහ උත්සවයකින්.
නාගා - සෝභිතා දෙන්නා විවාහ වුණේ හයිද්‍රාබාද්හි අන්නාපූර්ණ චිත්‍රාගාරයේදී.
අලුත විවාහ වූ යුවළගේ සේයා රූ කිහිපයක් නාගාගේ පියා වන නාගර්ජුන සිය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ බෙදාගෙනත් තිබුණා.
නාගාගේ ‘දෙවන විවාහය’ ගැන කතා පැතිරෙන්න ගත්තෙ ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේදී. නමුදු ඒ සියල්ලම නාගාට සමීප ආරංචි මාර්ග විසින් ප්‍රතික්ෂේප කරලා තිබුණා.
කොහොම නමුත් සෝභිතා එක්ක තිබුණු සම්බන්ධය ගැනත් නිල තහවුරු කිරීමක් නොතිබුණු නිසාම ඒවා හුදු කටකතා විතරක්ම වුණා.
හැබැයි දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවා කියන අනුමානයට ඕනෑ තරම් සාක්ෂිත් තිබුණා.
ඒ සියල්ල එක්කයි, දෙන්නගෙ විවාහ ගිවිසගැනීම ගැන නිල ආරංචිය එළියට ආවේ.
නාගා - සමන්තා රූත් ප්‍රභූ වෙන්වීම සිද්ද වෙන්නෙ 2021 දී.
ඒ කාලයේ පටන්මයි නාගා - සෝභිතා ආදර කතාව ගැනත් ආරංචි මතුවෙන්න ගත්තෙ....
270 Views
Comments