ධනුෂ් සහ ඓශ් නිල වශයෙන් විවාහයෙන් වෙන්වෙයි - දික්කසාද වීමට අධිකරණ අවසර ලැබෙයි

ඉන්දීය තරු අතර වඩාත් කතාබහට ලක්වන තරු යුවලක් තමයි, ධනුෂ් සහ ඓශ්වර්යා රජිනිකාන්ත් කියන්නෙ.
දෙන්නා, විවාහයෙන් වසර 18 කට පසු වෙන්වීමට තීරණය කළ බව හැමෝටම දැනුම් දුන්නෙ 2022 දී.
නමුත් ඔවුන් ඉන් පසුවත් දරුවන්ගේ වැඩ වෙනුවෙන් සහයෝගීව කටයුතු කරන අන්දම දක්නට ලැබුණා.
එහෙම තමන් දෙදෙනා වෙන්වන බවට ප්‍රසිද්ධ කළ ධනුෂ් සහ ඓශ් දැන් නිල වශයෙන්ම දික්කසාද වෙලා.
ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව, මෙම යුවළට චෙන්නායි පවුල් සුබසාධන අධිකරණය විසින් නිල වශයෙන් ම දික්කසාදය ලබාදීලා.
අධිකරණය තීන්දුව ලැබී ඇත්තේ දෙපාර්ශ්වයේම එකට ජීවත් වීමට ඇති නොහැකියාව ප්‍රකාශ කිරීමෙන් පසුව.
ඒ අනුව ධනුෂ් සහ ඓශ්වර්යා නොවැම්බර් 21 වැනිදා චෙන්නායිහි පවුල් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.
එහිදී ඔවුන් වෙන්වීමට කැමැත්ත පළ කළ බව සඳහන්.
පසුව දික්කසාද නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශ කිරීම නොවැම්බර් 27 වැනිදාට කල් තබා තිබුණා.
ධනුෂ් - ඓශ්වර්යා රජිනිකාන්ත් විවාහය සිදුවෙන්නෙ, 2004 දී. ඒ චෙන්නායි හි පැවති ආකර්ෂණීය විවාහ මංගල්‍යයකින්.
එයින් වසර 18 කට පසුව, දෙදෙනා වෙන්වීමට තීරණය කළ බවට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා.
එහි සටහන්ව තිබුණේ,
''මිතුරන් ලෙස, යුවලක් ලෙස, දෙමාපියන් ලෙස සහ එකිනෙකාට සුබ පතන්නන් ලෙස වසර 18 ක එකමුතුවක්.
අද අපි ඉන්නේ අපේ පාරවල්වල වෙන් වෙන තැනක.
අපි යුවළක් ලෙස වෙන්වීමට තීරණය කළා.
කරුණාකර අපගේ තීරණයට ගරු කර මෙය සමඟ කටයුතු කිරීමට අවශ්‍ය පෞද්ගලිකත්වය අපට ලබා දෙන්න...''
235 Views
Comments