දේව බලයෙන් රෝග සුව කරනවැයි කියා වෙනත් ආගමකට හරවාගන්න ගිය පිරිසකට වෙච්ච ඇබැද්දිය
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
25

දේව බලයෙන් රෝග සුව කරනවැයි කියා වෙනත් ආගමකට හරවාගන්න ගිය පිරිසකට වෙච්ච ඇබැද්දිය

දේව බලයෙන් රෝග සුව කරනවැයි කියා වෙනත් ආගමකට හරවාගන්න ගිය පිරිසකට වෙච්ච ඇබැද්දිය

සියඹලාණ්ඩුව ගොවිඳුපුර වරාගම පතහගල ප්‍රදේශයේ පදිංචිකාරියක් තම නිවසේ රෝගීන් දේව බලයෙන් දේව මෙහෙයක් පවත්වා සුවකරන බවත් වැඩිදුරටත් සුවකිරීමට යැයි පවසා ඔවුන් ජාඇල වැලිගම්පිටිය යාඥා මධ්‍යස්ථානයකට බස් රථයකින් රැගෙන යමින් සිටියදී ඉකුත් 22දා අසූචි ප්‍රහාරයක් එල්ලකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොවිඳුපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

වරාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සමඟ විවාහවී සිටින එම කාන්තාව විසින් වරාගම තම නිවසේදී දේව මෙහෙයන් පවත්වා රෝග සුවකිරීම සිදුකරනු ලබයි. එලෙස දේව මෙහෙය පැවැත්වූ රෝගීන් පිරිසක් ජාඇල වැලිගම්පිටිය යාඥා මධ්‍යස්ථානයකට වැඩිදුරටත් ප්‍රතිකාර ලබාදීමට මෙලෙස පිටත්කර යවා තිබියදී එම බස්රථයට මෙම අසූචි ප්‍රහාරය එල්ලවී ඇත. පොලිසිය මැදිහත්වී බස්රථයෙන් යමින් සිටි පිරිසගේ ඉල්ලීම මත ඔවුන් නැවත ජාඇල ප්‍රදේශයට පිටත්කර යවා තිබේ.

 

අනතුරව සියඹලාණ්ඩුව ශාසනාරක්ෂක බල මණ්ඩල සභාපති බුද්ධම රජමහා විහාරාධිපති පානමයායේ රතනසාර හිමි, ලේඛකාධිකාරී මාරිඅරාවේ ධම්මරක්ඛිත හිමි යන ස්වාමීන් වහන්සේලා ඇතුළු තවත් ස්වාමීන්වහන්සේලා අටනමක් ප්‍රදේශවාසීන් 200කගේ පමණ සහභාගීත්වයෙන් වරාගම පාසල අසලදී විරෝධතාවක් දක්වා ඇත. ප්‍රදේශයේ ජනතාව වෙනත් ආගමකට හරවාගැනීමේ වැඩපිළිවෙළක් දියත් කරන බව පවසමින් ඔවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

 

පසුව සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක ඩී.එම්. සරත් මහතා පැමිණ අද (25) දහවල් දෙකට සාකච්ඡාවක් ලබාදෙන බව පැවසීමෙන් අනතුරුව පිරිස සාමකාමීව විසිර ගියහ.

views

192 Views

Comments

arrow-up