ජීවන ගමනේ සිව්වන දශකයට පා තබන සුපිරි නිළි “නයනතාරා” එයාගේ විශේෂ දවස සැමරුවේ මෙහෙමයි (PHOTOS)

'Lady Superstar' මැයෙන් ප්‍රකට, නයන්තාරා ඊයේ (නොවැම්බර් 18) සිය 40 වැනි උපන්දිනය සැමරුවා.
ඇයට සුබපැතුම් එකතු කරමින්, සැමියා වන විග්නේෂ් ශිවන් ආදරණීය සටහනක් තබා තිබුණා.
ඒ, ඇය වෙනුවෙන් ඇති ගෞරවය ආදරයටත් වඩා මිලියන ගුණයකින් වැඩි බව සඳහන් කරමින්.
නයන්තාරාගේ උපන්දිනය වෙනුවෙන් අද සුවිශේෂී වාර්තා චිත්‍රපටයක් ද Netflix වෙත නිකුත් කෙරුණා.
''Nayanthara: Beyond the Fairy Tale'' ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය ලේඩි සුපර් ස්ටාර්ගේ මෙතෙක් ගමන විස්තර කරන අතර ම ඇය නිළියක වීමේ ගමන තුළ මුහුණ පෑ අභියෝගයන් ද හෙළි කරන්නක්.
අමිත් ක්‍රිෂ්ණන් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම වාර්තා චිත්‍රපටයේ නාගර්ජුන, විජේ සේතුපති, රදිකා සරත්කුමාර්, ඇට්ලි, නෙල්සන් දිලිප්කුමාර්, සත්‍යාන් අන්තිකාඩ් සහ තවත් බොහෝ පිරිස් සමඟ කෙරෙන සම්මුඛ සාකච්ඡා ඇතුළත්.
මෙය නිකුත් වීමට පෙර නීතිමය ගැටලුවකට ද මැදිව තිබුණා.
Beyond the Fairy Tale ආරම්භ වන්නේ නයන් සහ විග්නේෂ්ගේ ආදරණීය මොහොතක් බෙදාගන්නා අලංකාර කොටසකින් වන අතර එතැනදී ඇය ඔහුව හඳුන්වන්නේ සිය ලැජ්ජාශීලී හොඳම මිතුරා ලෙසයි.
තෙළිඟු සහ මලයාලම් සිනමා තාරකාවක් ලෙස ලොවපුරා මහත් ආදරයක් දිනා සිටින නයන්ගේ මුල් නම වන්නේ, ඩයනා මාරියම් කුරියන්.
චිත්‍රපට නිෂ්පාදක විග්නේෂ් ශිවන් සමඟ විවාහ වී සිටින ඇය මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක්.
රංගනයෙන් සේ ම අධ්‍යාපනයෙන් ද දස්කම් දක්වා ඇති නයන්, ඉංග්‍රීසි සාහිත්‍යය විෂය ක්ෂේත්‍රයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් හිමි රංගන ශිල්පිනියක් වීම විශේෂයි.
ඉන්දියාවේ ඉහළම වැටුප් ලබන නිළියන් අතර වන ඇය 2018 Forbes India "Celebrity 100" ලැයිස්තුවට ඇතුළත් වූ එකම දකුණු ඉන්දීය නිළිය ද වනවා.
නයන් රංගනයට පිවිසියේ මලයාලම් චිත්‍රපටියක් වන Manassinakkare (2003) සමඟයි.
ඇය දමිළ සිනමාවට පිවිසියේ '' Ayya'' (2005) චිත්‍රපටය තුළින් වන අතර තෙළිඟු සිනමාවට පිවිසියේ ''ලක්ෂ්මි'' (2006) චිත්‍රපටය තුළිනි.
එලෙස ආරම්භ කළ ගමන් මඟ තුළ ඇය දෙමළ, තෙලිඟු, කන්නඩ, මලයාලම් ආදී චිත්‍රපට 75 කට පමණ අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇත.
නයන්තාරා සම්මානනීය රංගන ශිල්පිනියකි.
ඒ අනුව 2011 වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේදී හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණු ඇය, 2013 වසරේදී ද තමිල්නාඩු ප්‍රාන්ත සිනමා සම්මාන උළෙලේදී සහ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල යන අවස්ථාවන් ද්විත්වයෙහිදීම හොඳම නිළියට හිමි සම්මානය තමන් සතු කරගැනීමට සමත් වුණා.
එමෙන්ම 2013 සහ 2015 යන වසරවලදී ‘Edison award ‘ හි ද හොඳම නිළිය ලෙස සම්මාන දිනාගත්තේ ඇයයි.
ජාත්‍යන්තර ඉන්දීය සිනමා ඇකඩමි සම්මාන උළෙලේ මෙන්ම ෆිල්ම් ෆෙයාර් සිනමා උළෙලේ අඛණ්ඩව 2015, 2016 සහ 2017 වසරවල දක්ෂතම රංගන ශිල්පිනියට (දකුණු ඉන්දියානු) හිමි සම්මාන දිනාගැනීමට ද ඇය භාග්‍ය සම්පන්න වුණා.
225 Views
Comments