“ආරාධනා කළ කිසිවෙක් ආවේ නැහැ” - හිස් බිමක් වුණු මංගල උත්සවය ගැන මනාලියකගෙන් සංවේදී කතාවක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

“ආරාධනා කළ කිසිවෙක් ආවේ නැහැ” - හිස් බිමක් වුණු මංගල උත්සවය ගැන මනාලියකගෙන් සංවේදී කතාවක් (PHOTOS)

“ආරාධනා කළ කිසිවෙක් ආවේ නැහැ” - හිස් බිමක් වුණු මංගල උත්සවය ගැන මනාලියකගෙන් සංවේදී කතාවක් (PHOTOS)

මංගල උත්සවයක් කියන්නෙ, මනාල යුවළගෙ සමීපතමයින් රැස්වන තැනක්. පවුලේ ආදරණීයන් වගේම හිත මිතුරන් පිරෙන තැනක්.

 

වියදම් කවරාකාර වුණත් තමන්ට සමීපතම පිරිස එක්ක එදා දවස ගෙවන එක, මනාල යුවළක් කාලයක් තිස්සේ පටන් සැලසුම් කරන, හීන මවන මොහොතක්.

 

නිකමට හිතලා බලන්න, එහෙම සැලසුම් කළ හීනයක් 'තනිකරම හිස් බිමක් වුණොත්'

 

ඒ කියන්නෙ, ආරාධනා කළ කිසිවෙක් නෑවිත් හිටියොත් !!!

 

එවන් අවාසනාවන්ත ඉරණමකට මුහුණ පෑ මනාල යුවලක් ගැන විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරලා තිබුණා.

 

කතාව ඇහෙන්නෙ, එක්සත් ජනපදයෙන්.

 

මේ කතාවේ මනාලිය, කලීනා මාරි (Kalina Marie)

 

 

කලක පටන් කලීනාගේ එකම සිහිනයව ඇත්තේ, සිය ආදරණීයන්ගෙන් පිරුණු විවාහ මංගල උත්සවයක්.

 

ඒ වෙනුවෙන් ඈ සිය සහකරු ෂේන් සමඟ මාස 10 ක් වැනි දිගු කාලයක් අරන් විවාහ උත්සවය සැලසුම් කරලා.

 

කලීනා කියන හැටියට ඔවුන් 75 දෙනෙකුට එහා පිරිසකට ඩිජිටල් ඇරයුම්පත් ද, තවත් ආරාධනා 25 ක් ද යවලා.

 

නමුත් අවසානයේ එදිනට පැමිණ ඇත්තේ පස් දෙනෙක් විතරයි !!

 

 

මම 75 දෙනෙකුට වැඩි පිරිසකට ඩිජිටල් ලෙස ආරාධනා කළා.

ඒ විතරක් නෙවෙයි, තවත් ලස්සන ආරාධනා පත්‍ර 25 ක් යැවීමට මුදල් වියදම් කළා.

නමුත්, අන්තිමට දැක්කෙ පස්දෙනෙක් පමණි.

ආරාධනයේ තිබුණේ ප.ව. 1.00 කියලා. මගේ අම්මා මට දහවල් 1.15ට ​​මැසේජ් කළා කවුරුත් නෑ කියලා.

මගේ සැමියා සහ මම අවසානයේදී,

40 දෙනෙකුට සැලසුම් කර ඇති ස්ථානයක පස්දෙනෙකු ඉදිරියේ දහවල් 2 ට පෙනී සිටි‍යා...''

 

කලීනා - ෂේන් වසර නවයක් තිස්සේ එකට ජීවත් වෙමින්, පුතෙක්ට දෙමාපියන් වුණු යුවළක්.

 

එහෙම ජීවත් වුණු ඔවුන්, ජනවාරි මාසයේදී යි සිය විවාහ දිනය ගැන ප්‍රකාශ කරලා තියෙන්නෙ.

 

 

දිගු කාලීන සැලසුමක් 'හිස් හැඟීමක්' වීම නිසාවෙන් තමන් සෑහෙන අපහසුතාවයකට මුහුණ දුන්නු බවයි, කලීනා සිය සමාජ මාධ්‍ය වේදිකාවන් හි සටහන් තබා තිබුණෙ.

 

කොහොම නමුත්, තිබුණු හිස් ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් පැමිණ සිටි කිහිපදෙනා එක්කාසුව ඔවුන් අපූරු නර්තනයක යෙදිලා තිබුණා.

 

 

"මං අහන්නෙ ඇයි ? අපි මොනවද කළේ ? මම ඒ තරම් නරක කෙනෙක්ද ?

මගේ සැමියා මොනව කළාටද ?

ඇයි අපි වෙනුවෙන් පෙනී ඉන්න එක, මිනිසුන්ට වැදගත් නොවුණෙ....."

සියල්ල හමුවේ කළකිරුණු කලීනා කාගෙනුත් එයාකාරයෙන් ප්‍රශ්න කරලා තිබුණා.

''මට සුබ පතන්නවත් ආවේ නැත්තේ ඇයි කියලා මට මැසේජ් එකක්වත් නොදාපු 'මිතුරන්' තාමත් මට ඉන්නවා.

මම හීන මැව්වේ අපිව පිළිගන්න හඬ නඟන මිනිස්සු රොත්තක් අතරට එදාට අපි යනවා කියලා.

මේ හැඟීම් මාව දුර්වල කරනවා.....''

 

කලීනා TikTok සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ බෙදාගත් ඇගේ මේ කතාව, මිලියන 6.6 කට වඩා වැඩි නැරඹුම් වාර හිමිකරගෙන.

 

ඊට ප්‍රතිචාර දක්වන්නන් ඇයට කියලා තිබුණෙ, යළි විවාහ උත්සවය සංවිධානය කරන ලෙසත් ඔවුන් ඊට සහභාගී වන බවත්.

 

ඒ විතරක් නෙවෙයි තවත් පිරිසක් ඇගෙන් ඉල්ලීමක් කරලා, මංගල තෑගි එවන්න ලිපිනය එවන හැටියට....

 

views

128486 Views

Comments

arrow-up