“රංගන ශිල්පිනියක් විදි‍යටත් බිරිඳක් විදියටත් මට ගොඩක් වුවමනාව තිබුණා මේ දේ කරන්න” - ජීවිතයේ විශේෂ දවසක් ගැන ෂෙරිල් තැබූ සටහන (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

“රංගන ශිල්පිනියක් විදි‍යටත් බිරිඳක් විදියටත් මට ගොඩක් වුවමනාව තිබුණා මේ දේ කරන්න” - ජීවිතයේ විශේෂ දවසක් ගැන ෂෙරිල් තැබූ සටහන (PHOTOS)

“රංගන ශිල්පිනියක් විදි‍යටත් බිරිඳක් විදියටත් මට ගොඩක් වුවමනාව තිබුණා මේ දේ කරන්න” - ජීවිතයේ විශේෂ දවසක් ගැන ෂෙරිල් තැබූ සටහන (PHOTOS)

රුවන් - ෂෙරිල් කියන්නෙ කලා ක්ෂේත්‍රයේ නිහඬව, සාර්ථක ගමනක් යන තරු යුවළක්.

 

ගමන නිහඬව ගියත් ඒ අතරතුර ඔවුන් අත්පත් කරගන්නා ජයග්‍රහණ සෑහෙන්න.

 

 

එවන් තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ගැන අපූරු සටහනක් ෂෙරිල්ගේ මුහුණුපොතෙන් දක්නට ලැබුණා.

 

''අද IICA Campus (Australia) final graduation එක පැවැත්වුණා.

ඉතින් අද හරිම සතුටුයි. මොකද මට graduate එක ලැබුණා වගේම වෙනම Special Award එකක් Mega Life Ciences (Australia) Pty. Ltd එකෙන් The Best Performer Of The Year of 2024 Award එක මට ලබාදුන්නා.

කියාගන්න බැරි සතුටක් තියෙන්නෙ.

ඇත්තටම මේ දේට මම ගොඩක් මහන්සි වුණා.

රංගන ශිල්පිනියක් විදි‍යටත් බිරිඳක් වශයෙනුත් මට ගොඩක් වුවමනාව තිබුණා ව්‍යාපාර කාන්තාවක් වෙන්න‍. ඉතින් ඒක අද මම කරා.

 

 

ගොඩාක් බාධක මැද්දේ ආපු කෙනෙක් මම‍. හැම බාධකයක්ම බිඳගෙන ආත්ම විශ්වාසය කියන ආභරණය පැළඳගෙන මගේ හීනවලට යනවා වගේම, තව කෙනෙක්ගේ හීනයකට වචනයෙන් හරි උදව් කරන්න මම හැම විටම සුදානම්.

ඒක අපේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වේවි.

මම මුලින්ම ස්තූති කරනවා මගේ දෙවියන් වහන්සේට මේ හැමදේකටම.

එසේම හැමදාම මගේ ළඟින් ඉඳගෙන මාව දිරිගන්වන මගේ ස්වාමිපුරුෂයා රුවන්ටත් ස්තූති කරනවා.

හැමෝටම ආදරෙයි

මම ෂෙරිල් ඩෙකර්..''

 

 

 

 

 

views

254 Views

Comments

arrow-up