නාගා - සෝභිතා දෙන්නගේ විවාහ මංගල්‍යය ගැන ඇහෙන අලුත්ම ආරංචිය

සමන්තා රූත් ප්‍රභූගේ හිටපු සැමියා වන තෙළිඟු සිනමා නළු, Naga Chaitanya සහ ඉන්දියානු නිළි Sobhita Dhulipalaගේ විවාහ ගිවිස ගැනීම ගැන මීට ඉහත අපි ඔබට කිව්වා මතක ඇති.
එහෙම මුදු හුවමාරු කරගත් නාගා - සෝභිතා දෙන්නා දෙසැම්බරයේදී සිය විවාහ මංගල උත්සවය පවත්වන්න සූදානමින් පසුවන බවකි, ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව දැනගන්න ලැබෙන්නෙ.
ඊට අනුව බොහෝදුරට ඔවුන්ගේ විවාහය දෙසැම්බර් 4 වැනිදාට යෙදෙනු ඇති.
ඒ වගේම මේ විවාහ මංගල්‍යය ඉතා සමීප කටයුත්තක් වනු ඇති බවයි කියවෙන්නෙ.
ඒ, ඔවුන්ගේ ආදරණීයන් සහ පවුලේ සාමාජිකයන්ගේ එකතුවෙන්.
කොහොම නමුත් මේවා හුදු ආරංචි මාර්ග වන නිසාම, යුවළගේ නිල තහවුරු කිරීමක් බලාපොරොත්තුවෙනුයි ඔවුනට ආදරේ කරන කවුරුත් මේ වන විට පසුවන්නෙ.
නාගාගේ ‘දෙවන විවාහය’ ගැන කතා පැතිරෙන්න ගත්තෙ ගෙවුණු වසරේ සැප්තැම්බර් මාසයේදී. නමුදු ඒ සියල්ලම නාගාට සමීප ආරංචි මාර්ග විසින් ප්‍රතික්ෂේප කරලා තිබුණා.
කොහොම නමුත් සෝභිතා එක්ක තිබුණු සම්බන්ධය ගැනත් නිල තහවුරු කිරීමක් නොතිබුණු නිසාම ඒවා හුදු කටකතා විතරක්ම වුණා. හැබැයි දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවා කියන අනුමානයට ඕනෑ තරම් සාක්ෂිත් තිබුණා.
ඒ සියල්ල එක්කයි, දෙන්නගෙ විවාහ ගිවිසගැනීම ගැන නිල ආරංචිය එළියට ආවේ.
නාගා - සමන්තා රූත් ප්‍රභූ වෙන්වීම සිද්ද වෙන්නෙ 2021 දී. ඒ කාලයේ පටන්මයි නාගා - සෝභිතා ආදර කතාව ගැනත් ආරංචි මතුවෙන්න ගත්තෙ....
188 Views
Comments