සාදය අවසානයේ වැවට දිය නාන්න ගිය තරුණයන් දෙදෙනාට අත්වුණු ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
24

සාදය අවසානයේ වැවට දිය නාන්න ගිය තරුණයන් දෙදෙනාට අත්වුණු ඉරණම

සාදය අවසානයේ වැවට දිය නාන්න ගිය තරුණයන් දෙදෙනාට අත්වුණු ඉරණම

කහටගස්දිගිලිය ඉහළකංහඳිගම වැවේ දියනෑමට ගොස් සිටි පුද්ගලයන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇති බව කහටගස්දිගිලිය පොලිසිය පැවැසූහ. මෙසේ මියගොස් ඇත්තේ පූජාපිටිය පදිංචි 34 හැවිරිදි ඩී. ඩී. එච්. ජී. ධනුශ්ක නාලක කුලරත්න හා 24 හැවිරිදි පොල්ගහවෙල පදිංචි අයි. එම්. රංගන ලසන්ත බණ්ඩාර යන අවිවාහක තරුණයන් දෙදෙනෙකි. මෙම දෙදෙනා රැකියාව ලෙස පෑස්සුම් කර්මාන්තයේ යෙදී ඇත.

 

මියගිය තරුණයන් දෙදෙනා කහටගස්දිගිලිය කිරීඉබ්බෑව ප්‍රදේශයේ හාල් මෝලක නඩත්තු කටයුත්තක් සඳහා මීට දින කිහිපයකට ඉහතදී මෙහි පැමිණ ඇත.

 

ඔවුන් ඉකුත් ඉරිදා (20) නිවාඩු දිනයක් හේතුවෙන් තවත් පුද්ගලයකු සමග ඉහළ කංහිඳිගම වැවේ දියනෑමට ගොස් ඇත. දිය නෑමට පෙර මෙම පිරිස කංහිඳිගම වැව් පිටියේ මත්පැන් පානය කර සවස 3.30ට පමණ මියගිය පුද්ගලයන් දෙදෙනා සහ එම ස්ථානයේ සිටි අනෙකා සමග දිය නෑමට ගොස් ඇත. ඒ අවස්ථාවේදී මියගිය පුද්ගලයන් දෙදෙනා දියේ අතුරුදන් වී ඇති අතර ඔවුන් සමග ගිය අනෙක් පුද්ගලයා ගොඩට විත් කෑගසීමත් සමග ගම්වාසීන් පැමිණ විපරම් කර බැලීමේදී ඔවුන්ට එම තරුණයන් දෙදෙනා සොයා ගැනීමට නොහැකි විය.

 

ඉන් අනතුරුව කහටගස්දිගිලිය පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායමක් සහ ගම්වාසීන් එක්ව දියේ ගිලුන තරුණයන් සෙවීම ආරම්භ කළ අතර පැයකට ආසන්න කාලයක මෙහෙයුමකින් පසු දියේ ගිලුණු තරුණයන්ගේ සිරුරු ගොඩ ගෙන කහටගස්දිගිලිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

 

අනතුරුව රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා රෝහලට ගෙන ඒමට ප්‍රථම මෙම තරුණයන් දෙදෙනා මියගොස් ඇති බව තහවුරු කළ බව කහටගස්දිගිලිය පොලිසිය පැවසූහ.

views

193 Views

Comments

arrow-up